තාර ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මැලේසියාවේ සිට නීති විරෝධීව
මෙරටට ගෙන්වා තිබූ එතනෝල් ලීටර් 74480ක් රේගු මධ්‍යම භාණ්‌ඩ අංශයේ
නිලධාරීන් විසින් (04 වැනිදා) පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී
අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් මිලියන අසූවක් (80ක්) වටිනා මෙම එතනෝල් ගෙන්වීමේදී රජයට රුපියල් මිලියන 112ක බදු වංචාවක් සිදු කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.
මෙම කන්ටේනර්වල ඉදිරිපස තාර බැරල් 24 බැගින් අසුරා ඉන්පසු එතනෝල් සහිත බැරල් අසුරා තිබූ බවත් ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.
බණ්‌ඩාරගම ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය ආනයනය කරන සමාගමක් මගින් මේවා ආනයනය කර තිබූ බවත් මේ වන හිට එහි හිමිකරු රේගු අත්අඩංගුවේ පසුවන බවත් ඒ මහතා කියා සිටියේය.
රේගු භාණ්‌ඩ පරීක්‍ෂණ අධ්‍යක්‍ෂ ඩී, ඒ. එල්. දරණගම, රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඒ. ආර්. ක්‍රිස්‌ටි, මධ්‍යම භාණ්‌ඩ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කපිල රුවන්පතිරණ, නියොජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ටී. ජී. සමරසිංහ, රේගු අධිකාරි ආනන්ද ඊෂ්වරන්, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඡේ. ඒ. හෙන්රි, දයාරත්න බෝපගේ යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරති.