කොළඹ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය එන්ජිමක් බ්‍රහස්පතින්දා අලුයම (05) 01.45 ට පමණ හදිසියේ පණගැන්වී පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන් ධාවනය වී තිබේ. එම දුම්රිය එන්ජිම ගල්කිස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ දී කොළඹ සිට ගිය දුම්රිය නිලධාරීන් විසින් නතර කරගෙන තිබේ. කිසිදු රියදුරෙකු නැතිව මෙම දුම්රිය එන්ජිම කෙසේ පණ ගැන්නුනි දැයි ගැටලුවක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත්
මෙම සිද්ධියෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රිය එන්ජිමට හානියක් සිදුව නොමැති
බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර දුම්රිය එන්ජිම කෙසේ පණ ගැන්වී ඇත්ද
යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පවසයි.
