ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ප‍්‍රභාකරන් වීරයෙක් හා විමුක්තිකාමියෙක් ලෙස හඳුන්වාදෙමින්, මහ විරු දිනය සමරා මිය ගිය කොටි සාමාජිකයින් සිහිපත් කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් පාර්ලිමේන්තුවේදී අගහරුවාදා (26) කතාවක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී මේ කතාව පවත්වන විට සභා ගැබේ සිටි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත‍්‍රීවරුන් එයට බාධා නොකළ අතර පසුව කළ කතාවලදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු එයට විරෝධය දැක්වූහ. මහා විරු දිනය සමරමින් ජාතිවාදය ඇවිස්සීම සදහා මෙම කතාව කළ බවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙයට විරෝධය දක්වමින් පැවසුවේය. ශ‍්‍රී ධරන්ගේ කතාවෙන් පසුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක කොටි සංවිධානය උත්කර්ශවත් කරමින් කළ කතාවට විරෝධය දැක්වීය. තමන් සූදානම් වී පැමිණි කතාව පසෙක තබා ශ‍්‍රී ධරන්ගේ කතාවට පිළිතුරු ලබාදෙන බව පැවසූ දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ සියල්ලේම නායකයින් ප‍්‍රභාකරන් විසින් ඝාතනය කළ බව සිහිපත් කළේය.
‘‘දෙමළ ජාතික සන්ධානය ඇතුලේ සිටින සියලූම දේශපාලන පක්ෂවල නායකයින් ප‍්‍රභාකරන් විසින් මරා දැමුවා. ටී.යූ.එල්.එෆ් එකේ සිට ටෙලෝ සංවිධානය දක්වා සෑම සංවිධානයකම නායකයින් ඝාතනය කළා. එ පමණක් නොවෙයි නීලන් තිරුචෙල්වම්, මහේෂ්වරන් ඇතුළු දේශපාලන නායකයින් ඝාතනය කළා. එ පමණක් නොවෙයි අවසන් ගැටුම් පැවති සමයේදී සුදු කොඩි රැගෙන පැමිණි පිරිස්වලට ප‍්‍රභාකරන් වෙඩි තැබුවා.
අහිංසක දෙමළ ජනතාවගේ රන් ආභරණ කොල්ලකමින් රාජ්‍ය සේවකයින්ගේ පඩි සල්ලි කොල්ලකෑ ප‍්‍රභාකරන් වීරයෙක් ලෙස හුවා දක්වමින් කළ කතාව මහ විරු දිනය සැමරීමට ඉවහල් වෙනවා. ජාතිවාදය අවුස්සන ආකාරයට කතා නොකර මේ රටේ සියලූම ජන කොටස් එකට වාසය කරන රටක් ලෙස පත් කිරීමට එක්වන්න.’’ එස්.බී. දිසානයක ඇමතිවරයා අදහස් දක්වමින් පැවසුවේය.

මේ අතර ශ‍්‍රීධරන්ගේ කතාව කිසි සේත් අනුමත කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේය. ජාතිවාදය ඇවිස්සීමකින් තොරව ශී‍්‍ර ලාංකික පුරවැසියන් සේ එකට එක්විය යුතු බව ඔහු සදහන් කළේය.
වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හුනේස් ෆාරුක් රීති ප‍්‍රශ්ණයක් යොමු කරමින් පාර්ලිමේන්තු රීතීන්ට අයත් නොවන කොටස් හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තු රීතීන්ට පටහැනි කිසිවක් ප‍්‍රකාශ කර ඇත්නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් පැවසුවේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්