වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා සමග තමාගේ කිසිදු
අමනාපයක් නොමැති බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන්
ප්‍රනාන්දු මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිකවැරටිය
දිවුල්ලෑගොඩ මහා විද්‍යාලයේ පසුගිය 22 දා පස්වරුවේ පැවති උත්සවයකදීය. වයඹ
පළාතේ පොල් අතු සෙවිලි කළ පාසල් 38 කට ස්ථිර ගොඩනැගිලි ඉදිකර දීම ආරම්භ
කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ ඉන්නකොට රටේ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කළා. එතුමා එ.ජා.ප යේ හොඳ සටන්කාමියෙක්. මම දයාසිරිට කිව්වා එ.ජා.ප යේ ඉන්න එපා ජනාධිපතිතුමා සමග එකතු වෙන්න කියලා. එතුමා නිසි වෙලාවේදී ජනාධිපතිතුමා සමග එකතු වුණා. දයාසිරි ආණ්ඩුවට ගැනීම සඳහා මම තමයි ප්‍රථමයෙන්ම කැමැත්ත ලබාදුන්නේ. සමහරු හිතනවා දයාසිරි සහ මම අමනාපයි කියලා. එහෙම දෙයක් නැහැ. දයාසිරි මහතා වයඹ පළාතේ අධ්‍යාපනය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා පාසල් සඳහා ස්ථිර ගොඩනැගිලි ලබා දෙන්න තීරණය කර තියෙනවා. මෙම වැඩපිළිවෙළට මගේ පූර්ණ සහාය හිමි වෙනවා.
මගේ ආසනය වන නිකවැරටියට මීට පෙර ඕනෑම කෙනෙකුට අවසරයකින් තොරව එන්න දුන්නා. කරණම් ගහන්න දුන්නා. මේවායිත් ඇතැම් සංවිධායකවරුන් අයුතු ප්‍රයෝජන ලබා ගත්තා. මම මින් ඉදිරියට එහෙම කරණම් ගහන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඇතැම් අය ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරනවා. පොදු අපේක්ෂිකාවෝ ගේන්න හදනවා. ඒ වැඩවලට මම ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ඉදිරියටත් රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිතුමා. සමහරු කියනවා ජනාධිපතිතුමා පිං කරලා තියෙනවා කියලා. නමුත් මමනම් තියන්නේ මේ රටේ මිනිස්සු පිං කරලා තියෙනවා. එවැනි ජනාධිපතිවරයෙක් පත්කර ගන්න. ලබා ගන්න.
රට සංවර්ධනය කරන්න ජනාධිපතිතුමාට උදව් කළ යුතුයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ රටේ පවත්වන්න විපක්ෂය ඉඩ ලබා දුන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා එම අභියෝගය ජය ගත්තා. එතුමාට හැකි වුණා ඉතාමත් සාර්ථක සමුළුවක් අපේ රටේ පවත්වන්න. ඒවා දකින්න අකමැති අය තමයි වර්ජනය කරන්නේ. ඊර්ෂ්‍යාව වැඩියි. අයවැයත් වර්ජනය කළා. විපක්ෂය දැන් විනාශ වෙලා. ඒ නිසා තමයි සර්පයෝ කාමරවලට රිංගන්නේ. නායකයොත් වැඩියි. එ.ජා.ප. ය නායකත්ව මණ්ඩලයක් පිහිටුවලා සදාකාලිකවම විපක්ෂයේම ඉන්නවා. ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂය මීළග පරාජය ලබනවා. අපි ජනාධිපතිතුමා සමග එකට ඉන්නවා.
මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් සභා මන්ත්‍රී ආණ්ඩු පක්ෂ සංවිධායක ජොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විශාල ජනකායක්ද එක්ව සිටියහ.