ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි බාල වයස්කාර පිරිමි දරුවන් හතර දෙනකු කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ හිමිනම මේ මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වී. රාමනමනන් මහතා (6දා) නියෝග කෙළේය.

ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා මෙසේ නියෝග කෙළේය.

ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කෘරත්වයට පත්වූ බව කියන දරුවන් හය-හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කෙළේය. එම දරුවන් හතර දෙනා සිය මවුපියන්ට භාර දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කෙරිණි.
කෘෘරත්වයට ලක්කර ඇති බව කියන දරුවන් සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට තවදුරටත් නියෝග කෙළේය.



මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙළේ වවුනියාව ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනාරාමය ලිපිනයේ ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස නමැති හිමිනමකි. සැකකාර හිමිනම වවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ

කළමනාකරු ලෙස සේවය කරන අතර ඔහු යටතේ රැකවරණය ලබමින් සිටි බාල වයස්කාර පිරිමි දරුවන් කෘරත්වයට පත්කළැයි චෝදනා එල්ල වී තිබේ. ජාතික
ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් පරිදි එහි විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බෝපිටිය මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. මේ හිමිනම විසින් ඔහු කළමනාකාරීත්වය දරන වවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ දරුවන් කිහිපදෙනකු අපයෝජනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එම දරුවන්ගේ මවුපියන් පසුගිය මස 7 වැනි දින වවුනියාව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බවත්, සැකකාර හිමිනම රිමාන්ඩ් කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළ සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතා පසුව අදාළ එක් දරුවෙක් වවුනියාව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ටී. පතිපාතන් මහතා හමුවට ඉදිරිපත් කළ අතර එක් දරුවකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා ස්වකීය වෛද්‍ය පරීක්‍ෂණය මඟින් සනාථ කර ඇති බවද කීවේය.

මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දරුවකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා පවා සිය පරීක්‍ෂණයෙන් සනාථ කර තිබියදී සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විවිධ බලපෑම් නිසා පැහැර හරින බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ජාතික ළමාරක්‍ෂක අධිකාරියට එරෙහිව පසුගිය 24දා කොළඹදී විරෝධතාවක්ද පැවැත්විණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්