කළුතර ප්‍රධාන පෙළේ පාසලක දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ඉකුත්දා පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිල ඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන මස 04දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.
නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයකු මෙසේ රිමාන්ඩ් ගත කෙරිණි. පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන්ට සැකකරු අල්ලා ගැනීමට හැකිවී ඇත.
සැකකරු පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවී නැත. පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් අනුව නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක විජේපාල යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
