ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


සම්මාන්තුර නින්දවුර් අක්කරපත්තුව මාර්ගය පැය තිස් හයකට ආසන්න කාලයක් අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටි ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පෙරවරු 10ට පමණ පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයකින් විසුරුවා හැර මාර්ගය විවෘත කෙළේය.

මේ විරෝධතාව සංවිධානය කළ බවට සැකපිට පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙයට අමතරව යතුරුපැදි හා පාපැදි 30ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගය අවහිර කොට ජනතාවට පීඩාවක් ඇතිවන පරිදි කටයුතු කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන්ව කටයුතු කොට පොදු දේපොළක් වන මහා මාර්ගයේ ටයර් ගිනිතැබීම වැනි වැරැදි යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය කියයි.

පසුගිය 17 දින රාත්‍රි කාලයේ නින්දවුර් නගරයට පැමිණ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් හා ගම්වාසීන් අතර ඇති වූ ගැටුමක් මේ උද්ඝෝෂණයට හේතු විය. එම සිද්ධියේදී සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් දෙදෙනකු ගැන සැකයක් ඇතිවූ ගම්වාසීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතර ගැටුමක් ඇතිවීමෙන් මේ වන විට පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් රෝහල් ගතකර ඇත.



නින්දවුර් මාර්ගය අවහිරකොට මාර්ග බාධක දැමීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 36ක පමණ කාලයක් මුළුමනින්ම ඇනහිට තිබිණි.
උද්ඝෝෂකයන්ගේ නියෝජිතයන් හා එම ප්‍රදේශයේ ආගමික නායකයන් කැඳවා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු උසස් නිලධාරීන් සාකච්ඡා කොට විසඳුමක් ලබාගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම නිසා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකොට මාර්ගය නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි.
විරෝධතාකරුවන් විසින් දේවස්ථානයකට ගිලන් රථයකට සහ තවත් වාහන කීපයකට පහරදී අලාභහානි සිදුකොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ නොසන්සුන්කාරීත්වය මැඬපැවැත්වීම සඳහා
මඩකළපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් මහතා සහ පොලිස් අධිකාරි එන්. මහගෙදර මහතා විසින් ඊයේ අලුයම පොලිස් නිලධාරීන් 500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරමින් කිලෝමීටර් 7ක් දුරට එම පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

එම පොලිස් මෙහෙයුමෙන් පසු ඊයේ උදේ 10 වන විට එම මාර්ගයේ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබූ බවද පොලිසිය පැවැසීය.
පොලිසිය විසින් එල්ලකළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු විසිර ගිය උද්ඝෝෂණකරුවන් අතුරු මාර්ගවල රැඳී සිටීමට උත්සාහ දරා ඇති අතර පසුව පොලිසිය විසින් එම පිරිස්ද විසුරුවා හරින ලදී.

මේ සිද්ධියට පසුබිම වී ඇතැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන් සම්බන්ධයෙන් ද වෙනම පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිසිය පැවැසීය. සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්