කුඩු සටනට බිලිවූ කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්දයෙන් සැකකරනු ලබන බව කියන "කැටයම් චින්තක" නැමැත්තාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගිනි තබා තිබේ.
ගිනි තැබීමෙන් නිවසේ පිටුපස කොටස විනාශවි ඇති අතර යතුරු පැදියකට සහ නිවසේ තවත් භාණ්ඩ තොගයකට අලාභ හානි සිදුවී ඇත.
නිවාස ගිනි ගන්නා අවස්ථාවේ කිසිවකු එහි නොසිට තිබේ. සැකකාර "කැටයම් චින්තක" නැමැත්තාගේ බිරිඳ හා දරුවන් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුගේ මව පොලිසිය විසින් සොයමින් සිටි.
සැකකරු මේ වන විට මාස්පොත රක්ෂිතය තුල සැඟවී සිටින බවට ලැබී ඇති තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන්සියත් හාරසියත් අතර ප්‍රමාණයක් එම රක්ෂිත වනය වටලා තිබේ.
මෙම සැකකරු කැටයම් චින්තක නමැත්ත ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ නිවස ආසන්නයේම පදිංචි කරුවෙක් වන අතරට ඔවුන් කුඩා කල සිට හිත මිතුරන්ව සිට ඇත. නමුත් පසුව ඔහු මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද වී ඇති බවට වාර්තා වේ.
අද සවස තුනට (3) පමණ පොලිස් කොස්තාපල් වරයාගේ සහ ඔහුගේ බිරිඳගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට නියමිත අතර එහිදී කඹුරුපිටිය අක්කර 50 පොළ අසලට දේහයන් දෙක ගෙනවිත් ගම්වාසීන් විසින් සාමකාමි විරෝධතාවයක් පල කිරීමට නියමිතය.
මිට සුළු මොහොතකට පෙර පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පොලිස් කොස්තාපල් සුනිල් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් වලට අවසන් ගෞරවය දැක්වීම සඳහා පැමිණියේය.
මේවන විට මාස්මුල්ල ප්‍රදේශයේ සැම හන්දියක් පාසාම පොලිස් නිලධාරින් රඳවා තිබෙන ආකාරය සහ කළු කොඩි ඔසවා තිබෙන ආකාරයද දක්නට ඇත.
