ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බුලත්සිංහල ජාතික පාසලේ ගුරුතුමියක විසින් පහර දී කන පැලීමට ගොදුරුව සිටින ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට එම සිසුවිය 06 වැනි වාට්‌ටුවේ විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කරමින් සිටී.

13 බදාදා 10 වසරේ "සී" පංතියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවිය තවත් සිසුවියක සමග කතා කරමින් සිටියදී තොපි මොනවද කතා කරන්නේ යෑයි අසමින් කනට පහර දී තිබෙන බවට බුලත්සිංහල පොලිසියට පැමිණිලි කර ඇත. කන පැලීමට ලක්‌ව සිටින සිසු දැරිය බුලත්සිංහල, හොරණ, නාගොඩ රෝහල්වලින් කොළඹ මහ රෝහලට ඇතුළත් කළ බවද සිදුරුව ඇති කන් අඩිය විශේෂ ශල්‍ය වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමට නියමිත බවද දැරියගේ මව වන ඩී. ඇන්. අතුකෝරල මහත්මිය පැවසුවාය. තම දියණියට කනට පහරදී ඇය පැළඳ සිටි කරාබු දෙක ගලවා ගෙන ඇති බවද ඇය විසින් චෝදනා කරනු ලබයි.

මේ පිළිබඳව බුලත්සිංහල ජාතික පාසලෙන් කළ විමසුමකදී එහි ආචාර්යවරයකු වන ලාල් වේරගොඩ මහතා කියා සිටියේ පහර කෑමට ලක්‌වී සිටින සිසුවියත් පහර දී ඇති ආචාර්යවරියත් යන දෙදෙනාම අපේ පාසලේ සිටින අපේම දෙන්නෙක්‌. කෙසේ වුවත් ඔය කරාබු දෙක පාසල් සිසුවියන්ට නොගැලපෙන නිසා දැරියගේ දෙමවුපියන්ට භාර දීම සඳහා ගලවා තිබෙනවා. එය මේ වන විට බුලත්සිංහල පොලිසියේ පවතිනවා යනුවෙනි.

බුලත්සිංහල පොලිස්‌ ස්‌ථානාධිපති එච්. ඒ. ගුණරත්න මහතාගෙන් සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පවසා සිටියේ ශිෂ්‍යාවගේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු කිසිදු දෙයක්‌ මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බවයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්