ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මාතර කඹුරුපිටිය උල්ලන ප්‍රදේශයේ නිවසකට පෙරේදා (16 වැනිදා) රාත්‍රි කඩා වැදුණු මැර පිරිසක්‌ එහි පදිංචිව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකුට සහ ඔහුගේ බිරිඳට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තෙහැවිරිදි පුත්‍රයාටද බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇත.

ඝාතනයට ලක්‌වූ පොලිස්‌ කොස්‌තාලපල්වරයාගේ අට හැවිරිදි දරුවා නිවසේ දොර පිටුපස සැඟවී දිවි ගලවාගෙන තිබේ. මෙම ඝාතන සිදුකළ මැරයන්ගේ නීති විරෝධී ක්‍රියා පිළිබඳව පොලිසියට ඔත්තු ලබා දුන්නැයි කියන සිද්ධියක්‌ සම්බනධයෙන් පොලිස්‌ කොස්‌තාපල්වරයා සමග කාලයක්‌ පැවැති ආරවුලක්‌ මීට හේතුවී ඇති බවට පොලිසිය සැක කරයි.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ සේවය කළ තිස්‌තුන් හැවිරිදි කොස්‌තාපල් (4930) එන්. ඒ. සුනිල් සහ ඔහුගේ බිරිඳ වන තිස්‌ හැවිරිදි ඒ. අප්සරා යි.

මැරයන්ගේ ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබූ තෙහැවිරිදි වැලිගම ලියනගේ දුලන්ත දරුවා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ප්‍රහාරය සඳහා මැරයන් තිදෙනකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මාතර පොලිසිය පවසයි.


මෙම මැර පිරිස පොලිස්‌ නිලධාරියාගේ නිවසට කඩා වැදී ඇත්තේ පෙරේදා (16 වැනිදා) රාත්‍රි 10.45 ට පමණය. ඒ අවස්‌ථාව වන විට පොලිස්‌ නිලධාරියා, බිරිඳ සහ දරුවන් නින්දට ගොස්‌ සිටියහ. නිවසට කඩා වැදුනු මැරයන් පොලිස්‌ නිලධාරියාට සහ බිරිඳට යකඩ පොලුවලින් සහ තියුණු ආයුධවලින් පහරදී ඇත.

ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ දැඩි ලෙස බියට පත්වූ අටහැවිරිදි දරුවා නිවසේ දොර පිටුපස සැඟවී දිවි ගලවාගෙන තිබේ. පොලිස්‌ නිලධාරියාට, බිරිඳට සහ තෙහැවිරිදි දරුවාට කෲර ලෙස පහරදුන් මැර පිරිස නිවසේ තිබූ බඩුමුට්‌ටු සියල්ල කඩා බිඳ විනාශ කර දමා පලාගොස්‌ ඇත.

පොලිස්‌ නිලධාරියාගේ නිල ඇඳුමෙන් ගත් ඡායාරූප සියල්ලද මොවුන් විසින් කඩා බිඳ දමා තිබේ. මැරයන් පළාගිය පසු දිවි ගලවාගත් දරුවා විලාප නඟා කෑ ගසා ඇති අතර එම හඬ ඇසී ප්‍රදේශවාසීන් මෙම නිවසට පැමිණ තිබේ. ඒ වන විට පොලිස්‌ නිලධාරීයා මියගොස්‌ සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවා බරපතළ තුවාල ලබා ජීවතුන් අතර සිට ඇත. පසුව ප්‍රදේශවාසීන් ඔවුන් දෙදෙනා කරාපිටිය රෝහලට රැගෙන ගොස්‌ තිබේ.

හිසට එල්ලවූ යකඩ පොලු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි පොලිස්‌ නිලධාරියාගේ බිරිඳ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස්‌ ඇත. කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන දරුවාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඝාතනයට ලක්‌වූ සුනිල් මහතා මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ඉතාම අවංකව සේවය කළ දක්‍ෂ නිලධාරියෙකි. මාතර කොට්‌ඨාසයේ සිදුකළ දූෂණ වැටලීම් රාශියක්‌ සඳහා ඔහු දායකත්වය දක්‌වා ඇත. සුනිල් මහතා පදිංචිව සිටි නිවසද අඩක්‌ පමණක්‌ ඉදිකර එහි දොරවල් පවා නිසි ලෙස සකස්‌ කර නොතිබූ බව පොලිසිය පවසයි.

මෙම ඝාතනවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු කඹුරුපිටිය උල්ලන ප්‍රදේශයේ පදිංචි විවිධ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි. ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

ජාතික කෞතුකාගාරයේ සිදුවූ පුරා වස්‌තු සොරකම සම්බන්ධයෙන්ද පොලිසිය වරක්‌ මොහුගෙන් ප්‍රශ්න කර තිබිණි. තමන් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන්නේ සුනිල් මහතා විසින් බවට මෙම සැකකරු තුළ සැකයක්‌ තිබී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්‌ නිලධාරියා සහ ප්‍රධාන සැකකරු අතර කාලයක පටන් ආරවුල් තිබී ඇත. එම ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිහිපයක්‌ද වාර්තාවී ඇත. මෙම ද්විත්ව ඝාතනයෙන් පසු ප්‍රධාන සැකකරු ප්‍රදේශය අතහැර පළාගොස්‌ ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ පරීක්‍ෂක ඒ. හපුගොඩ මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති මැකාති පෙරේරා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්