වසර
තුනකට පෙර අතුරුදන් වූ බව කියන පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක ඇගේ
සැමියා විසින් ඝාතනය කර මිදුලේ වළ දමා ඇති බව මිරිහාන විශේෂ අපරාධ
මෙහෙයුම් ඒකකය විසින් සොයාගෙන ඇත. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක් වූ
කාන්තාවගේ සැමියා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (17)
අත්අඩංගුවට ගෙන ඇත.
ෂකිලා පිළිබඳව විමසන විට ඇය විදේශගතව ඇති බව අසල්වැසියන්ට හා ඥාතීන්ට සැකකරු පවසා ඇත. දරුවන් දෙදෙනා මව සමග නිතර සම්බන්ධතාවය පවත්වාගෙන යනු ලැබ ඇති අතර දිගුකලකින් මව කතා නොකළ නිසා ඒ
පිළිබඳව සෙවීමට ඔවුන් ලංකාවට පැමිණ ඇත. එහෙත් මව සොයා ගැනීමට නොහැකි වූ නිසා දරුවන් මව අතුරුදන් බවට පිළියන්දල පොලීසියට 2010දී පැමිණිලි කර ඇත. දරුවන් දෙදෙනා මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී. මව පිළිබඳව තොරතුරු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ නිසා නැවත 2013දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර ඇත. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී සැකකරු ජා- ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. ඔහු තිස්නව හැවිරිදි අයෙක් බවද පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔවුන් වාසය කළ මෙම නිවස මරණකාරිය විසින් මිලදී ගත්තකි. සැකකරු හා මරණකාරිය එම නිවසේ වාසය කර ඇති අතර ඔවුන් අතර නිතර ගැටුම් පැවැති බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත. ෂකිලා ඝාතනය කළ පසු ඇයගේ අත්සන හොරට යොදා ඇටෝර්නි බලපත්‍රයක් මගින් මෙම නිවස මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට විකුණා ඇත. ඉන්පසු සැකකරු කුලියට නිවාස ලබාගනිමින් විවිධ ප්‍රදේශවලට මාරුවෙමින් ජීවත්ව ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
මෙලෙස
ඝාතනයට ලක්ව තිබෙන්නේ ෂකිලා පෙරේරා නමැති පිළියන්දල, මඩපාත, බෙරවාවල
පදිංචිව සිටි දෙදරු මවකි. ඇය ඝාතනයට ලක්වන විට හතළිස්නව වන වියේ පසුව ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක් වූ ෂකිලාගේ
දෙවැනි විවාහයේ සැමියාය. පළමු විවාහයෙන් ඇයට අවුරුදු විසිදෙකක හා විසිහයක
වයසේ පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක් සිටී. ඇය පළමු විවාහයෙන් දික්කසාද වූ
පසු දරු දෙදෙනාද සමග ඉතාලියේ ජීවත්ව ඇති අතර පසුව ලංකාවට පැමිණ සැකකරු සමග
විවාහ වී ඇති බව පොලීසිය පවසයි.
ෂකිලා පිළිබඳව විමසන විට ඇය විදේශගතව ඇති බව අසල්වැසියන්ට හා ඥාතීන්ට සැකකරු පවසා ඇත. දරුවන් දෙදෙනා මව සමග නිතර සම්බන්ධතාවය පවත්වාගෙන යනු ලැබ ඇති අතර දිගුකලකින් මව කතා නොකළ නිසා ඒ
පිළිබඳව සෙවීමට ඔවුන් ලංකාවට පැමිණ ඇත. එහෙත් මව සොයා ගැනීමට නොහැකි වූ නිසා දරුවන් මව අතුරුදන් බවට පිළියන්දල පොලීසියට 2010දී පැමිණිලි කර ඇත. දරුවන් දෙදෙනා මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී. මව පිළිබඳව තොරතුරු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ නිසා නැවත 2013දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර ඇත. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී සැකකරු ජා- ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. ඔහු තිස්නව හැවිරිදි අයෙක් බවද පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔවුන් වාසය කළ මෙම නිවස මරණකාරිය විසින් මිලදී ගත්තකි. සැකකරු හා මරණකාරිය එම නිවසේ වාසය කර ඇති අතර ඔවුන් අතර නිතර ගැටුම් පැවැති බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත. ෂකිලා ඝාතනය කළ පසු ඇයගේ අත්සන හොරට යොදා ඇටෝර්නි බලපත්‍රයක් මගින් මෙම නිවස මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට විකුණා ඇත. ඉන්පසු සැකකරු කුලියට නිවාස ලබාගනිමින් විවිධ ප්‍රදේශවලට මාරුවෙමින් ජීවත්ව ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
පවුල්
ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමකින් පසු සැකකරු විසින් ගෙල මිරිකා බිරිඳ
ඝාතනයට ලක්කර ඇත. පසුව අසල්වැසි නිවැසියකු ලවා කුණු දැමීම සඳහා යැයි වළක්
කප්පවාගෙන ඇඳ ඇතිරිල්ලකින් ඔතා සිරුර වළදමා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව
පොලීසිය පවසයි.
සැකකරු අද (18) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න, පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් සැරයන් 56958 ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන 40248 ප්‍රසන්න, 88816 ලයනල්, 72338 ලලන්ත, 3514 සමන්තිලක වැඩිදුර විමර්ශන සිදුකරයි.

පී. දයාරත්න - මහරගම
තිලකරත්න ගනෙහිආරච්චි - කැස්බෑව
තිලකරත්න ගනෙහිආරච්චි - කැස්බෑව