හෙරොයින් මිලිග‍්‍රෑම් 95ක් ගුදමාර්ගයේ සඟවාගෙන අනුරාධපුර මහේස්ත‍්‍රාත්
අධිකරණයේ විභාග වන නඩුවක් සදහා පැමිණි බවට අධිකරණය හමුවේ වරද පිළිගත්
දරුණු ගණයේ අපරාධකරුවකුට රුපියල් 30,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය 19
වැනිදා නියෝග කළාය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
මෙසේ දඩුවම් නියම වුයේ නයාවල කෑගල්ල පදිංචි ඕමාර් ලෙබ්බේ මරික්කාර් නිලූපර් නැමැත්තාටයි. ඔහු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ විගණන අංශයේ හිටපු විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මහනුවර පළාත්බද මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත වසර 25ක සිර දඩුවමක් නියමවී දැනට බදුල්ල බන්ධනාගාරයේ සිර දඩුවම් විදින රැඳවියෙකි. රැඳවියා ඉකුත් 14 වනදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට රැගෙන ආ අතර බදුල්ල බන්ධනාගාරයේ සිට විත්තිකරු ගුද මාර්ගයේ සගවාගෙන හෙරොයින් පැකට් 12ක් රැගෙන එන බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිළධාරීන් කණ්ඩායමක් විත්තිකරු පරීක්‍ෂාවට ලක් කරද්දී ඔහු ලග තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 95ක් සමග ජංගම දුරකථන සිම් කාඞ්පත් 05 ක් සොයා ගැනීමට නිළධාරීන්ට හැකි වී තිබේ.