![]() |
| FILE PHOTO |
තරුණයා පස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්, තරුණියගේ මවත් පොලිසියට කැඳවා තොරතුරු විමර්ශණය කිරීමේදී, අනාවරණය වූයේ ඔවුන් කලක සිට දෙමාපිය අනු දැනුම යටතේ ඇසුර පවත්වා ගෙන ගොස් ඇති බවකි. විහාරස්ථානයේ බුදුමැදුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල්ක‍්‍රියාවට ලබන සෙනසුරාදා (23) වන දින තරුණ යුවල විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප‍්‍රමාණවත් බව විහාරාධිපති හිමියන් පොලිසියට දැන්වීම නිසා, තරුණ යුවලට මාවරල මල්ලිකාරමයට ලබන සෙනසුරාදා (23) දින පැමිණ සමාව ගැනීමට පොලිසිය මගින් දැනුම් දී, මවගේත්, පියාගේත්, තරුණ යුවලගේත් කට උත්තර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් මුදා හැරීමට පොලිසිය මගින් පියවර ගත්තේය.
