ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ගම්මුන්ගෙන් කතකට එරෙහිව පැමිණිල්ලක්‌!


තම කුකුළු කොටුවේ සිටින කුකුළන් මරාගෙන කෑවැයි අල්ලපු ගෙදර බල්ලන් සමඟ උරණ වූ කාන්තාවක්‌ එම නිවසේ ඇති කරන ලද බල්ලන් 4 දෙනකුට වස දී මරා දැමූ පුවතක්‌ පෙරේදා (25 දා) කන්තලේ මූලස්‌ථාන පොලිසියෙන් වාර්තා වේ.

කන්තලේ ධීවරගම ප්‍රදේශයේ පදිංචි එච්. එස්‌. ධර්මදාස යන අය කන්තලේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

අපේ ගෙදර බල්ලන් 7 දෙනකු පමණ ඉන්නවා. මේ බල්ලන් හිටපු ගමන් බරපතළ ලෙස අසනීප වෙනවා. කෑම බීම නොගැනීමත් එක තැන වැටී වමනය දැමීමටත් පටන් ගන්නවා. බොහෝ අවස්‌ථාවල ඔවුන් ත්‍රීවීල් එකක දමාගෙන කන්තලේ පශු වෛද්‍ය කාර්යාලයට ගෙනගොස්‌ ප්‍රතිකාර පවා ලබා දෙනවා. සොයා බලද්දී තමයි දැනගන්නට ලැබුණේ මේ අල්ලපු ගෙදර සෝමාවතී කියන තැනැත්තිය එයාගෙ කුකුළන් කනවා කියලා බල්ලන්ට වස දීලා මරා දමා ඇති බව.


මෙහිදී සෝමාවතී නමැත්තිය ප්‍රකාශ කර සිටියේ තමන්ගේ කුකුළු කොටුවෙන් නිතර නිතර කුකුළන් මරාගෙන කෑම ඉවසගන්න බැරි නිසා තමන් බල්ලන්ට වස දුන් බවය.

කෙසේ වෙතත් අවසානයේ පැමිණිල්ල විභාග කළ පොලිස්‌ පරීක්‍ෂක දිසානායක මහතා දෙගොල්ල සාමදාන කිරීමට කෙතෙක්‌ උත්සාහ ගත්තද පැමිණිලි පාර්ශ්වය කියා සිටියේ අධිකරණ ක්‍රියා මර්ගයකට යා යුතුම බවය. එහෙනම් පැමිණිල්ල සමථ මණ්‌ඩලය වෙත යොමුකරන බවත් එහිදී විස¹ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් දෙපිරිසම සමථ මණ්‌ඩලය වෙත යොමු කළහ. පොලිස්‌ සැරයන් සෙනවිරත්න (59568) පැමිණිල්ල මෙහෙයවීය.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්