ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රුපියල් කෝටි විසිහතරක් වටිනා පිරිසිදු හෙරොයින් කිලෝ ග්‍රෑම් තිහක් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැඹේ නුවර වෙත රැගෙන යාමට උත්සහ කල ලයිබීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

සැකකරුගේ වයස අවුරුදු පනස් හතකි. ඔහු තානාපති ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මීට දින කිහිපයකට පෙර ගමන් මළු දෙකක්ද රැගෙන උගන්ඩාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී රේගු නිලධාරීන් විසින් ඔහු රැගෙන ආ ගමන් මළු පරීක්ෂා කිරීමට උත්සහ ගත් විට ඔහු තානාපති වරප්‍රසාද භාවිතා කරමින් එය ප්‍රතික්ෂේප කර ඇත. තමන් සමග උගන්ඩා තානාපතිවරයා පැමිණි බවත් ඔහු ප්‍රභූ පර්යන්තයේ සිටන බවත් අදාල ගමන්මළු දෙක තානාපතිවරයාගේ බවත් සැකකරු රේගුවට පවසා ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් ප්‍රභූ පර්යන්තයේ උගන්ඩා තානාපතිවරයා සිටී දැයි විමසා ඇතත් එහි සිටි නිලදාරීන් පවසා ඇත්තේ එවැන්නෙකු පැමිණ නැති බවයි.
කෙසේ වෙතත් තානාපති වරප්‍රසාද සහිත පුද්ගලයෙකු රදවා ගැනීමට හෝ එවැනි පුද්ගලයෙකුගේ භාන්ඩ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පරීක්ෂා කිරීමට රේගුවට බලයක් නොමැති බැවින් මේ පිළිබ‍්දව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ සංධාන අංශයට දන්වා ඇත.

එම අවස්ථාවේ සැකකරු රේගුවට පවසා ඇත්තේ තමන් දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට යන බවත් තානාපතිවරයා සමග සදුදාට එන බැවින් එතෙක් ගමන් මළු රේගුවේ දමා යන බවයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් රේගුවට දන්වා ඇත්තේ උගන්ඩාවේන් හෝ ලයිබීරියාවෙන් කිසිදු තානාපති නිලදාරියෙක් මෙරටට පැමිණ නැති බැවින් රේගු කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නැති බවයි.

ඒ අනුව 04දා සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාල හෝටලයටද ගියද ඔහු එහි නොසිටි බව රේගුව කියයි. පසුව විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව රේගු නිලධාරීන් විසින් සැකකරු සොයාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙර තුන්වතාවක් ශ්‍රී ලංකාට පැමිණ ඇති බව රේගුව කියයි. රේගුව විසින් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමන් වෘත්තියෙන් පතල් කැනීම් උපදේශකයෙකු බවයි.

රේගුව පවසන්නේ සැකකරු තානාපති නිලධාරියෙකු නොවන බවයි.
මේ පිළිබ‍්ද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂකවරුන් වන මහින්ද කල්පගේ, කේ.ඒ ධර්මසේන, දීපාල් සිරිබද්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබ්ලිව් මංජුල ප්‍රසාද්, පී.ඒ.ඩී.පී පෙරේරා, ඩබ්ලිව්.වී.එම් මධුසංක, ඩී.එන්.ටී ප්‍රනාන්දු, ඒ ඥානමෝහන් සහ සහකාර නිවාරණ නිලධාරීන් වන සම්පත් ගී ගනගේ, අජිත් ඉලේසිංහ යන නිලධාරීහු සිදුකරති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්