මාළඹේ ප‍්‍රදේශයේ උදෑසන ව්‍යායාම් වල යෙදෙන
පිරිසගේ ගැටලූ සාකච්ඡ කිරීම සඳහා ඇමති විමල් වීරවංශ මහතා කොළඹ නිල නිවසේ
සිට මාළඹේ දක්වා කි.මී. 15 ක දුර පාපැදියෙන් පැමිණි අයුරු ඔහුගේ 'ලංකා සි
නිව්ස්' වෙබ් අඩවියේ පළකර ඇත.
එම වෙබ් අඩවිය පවසන්නේ, දෛනිකව 500 කට අධික
පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම කරන අතර නිසියාකාරයෙන් සැකසූ
ඇවිදීමේ මංතීරුවක් මෙහි නොමැතිවීමෙන් එම පිරිස් මුහුණ දෙන ගැටලු විමල්
වීරවංශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කෙරුණා බවයි.
ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කිලෝමීටර්
2.5 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම නව ඇවිදීමේ මංතීරුවේ ඉදිකිරීම් කටයුතු
ළඟදීම ආරම්භ කෙරේ.
ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින්
මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතර ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේත්,
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේත් සහාය හිමිවේ.





