ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මගේ දියණියගේ කණ්අඩිය පැලූවා වගේ සිද්ධියක්  මේ ලෝකේ කිසිඳු රටකින් අසන්නට නොලැබේවා යැයි මම ප‍්‍රාර්ථනා කරනවා. මෙසේ කියා සිටියේ හර්ෂණී කුමාරි සුභසිංහ ශිෂ්‍යාවගේ මව වන නන්දා අතුකෝරල මහත්මියයි.
13 වෙනි බදාදා 10 වසර සී පන්තියේ අධ්‍යාපනය ලබන 15 හැවිදිරි හර්ෂණී කුමාරි සුභසිංහ නැමැති 15 හැවිදිරි සිසුවියට බුලත්සිංහල ජාතික පාසලේ ගුරුවරියක විසින් පහර දීම නිසා වම්කන පිපිරීමට ලක්ව කොළඹ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන දැරියගේ මව වන නන්දා අතුකෝරල මහත්මිය එසේ කිීවාය. තව දුරටත් සිද්ධිය හෙළිදරව් කළ ඇය ලෝකයේ කිසිම ගුරුවරයෙකුගෙන් පාසල් දරුවනට මෙවැනි අපරාද සිද්ධ නොවේවා ද ජාති ජාතිත් සසර වසන තුරු මෙවැනි අපරාධ අසන්නට නොලැබේවායි  යැයිද කීවාය. දින 9 ක් තිස්සේ සිය දියණිය ප‍්‍රතිකාර ලබන බවද ඇය පවසය.ි
මට දරුවෝ 9 ක් සිටිනවා. පහර දීමට ලක්වුයේ බාලම දියණියයි. අපි ජීවත් වන්නේ ගමට එලකිරි විකුණලා බිත්තර වී නිෂ්පාදනයත් කරනවා. අපිට මේ හැර වෙන ආදායමක් නැහැ. 13 දින උදේ දියණිය තවත් දැරියක සමග කතා කර කර සිටින විට මේ ගුරුතුමිය මගේ දුවට ගහල තිබෙනවා. පාසල එකහමාරට ඇරිලා ගෙදර එනතුරු දියණියට කිසිඳු ප‍්‍රතිකාරයක් කෙරිලා නැහැ. පන්තියේ ගැහැනු ලමයෙකු කන රිදෙනවා කීවාම පැනඩෝල් පෙති දෙකක් දීලා තියෙනවා . දුව පාසල ඇරිලා සවස ගෙදර ඇවිදින් මගේ කන රිදෙනවා කෝ අම්මා කියාගෙන නොකා නොබී නිදාගෙන තිබෙනවා. මම ඒ වේලාවේ හිටියේ පන්සලේ පිංකමට සල්ලි එකතු කරන්න ගිහින් සිද්ධිය ආරංචි වෙලා දුවගෙන ආවා. බුලත්සිංහල රෝහලට දුවව අරගෙන ගියා. දිස්ත‍්‍රික් වෛද්‍යවරයා හොරණ රෝහලට දියණිය යැව්වා. එහෙත් හොරණ රෝහලෙන් සැලකිය යුතු ප‍්‍රතිකාරයක් හෝ පරීක්‍ෂණයක් කළේ නැහැ. ගෙදර ඇවිදින් 16 වෙනි දින නාගොඩ රෝහලට දුවව රැුගෙන ගියා. එහිදී කළ විශේෂ පරීක්‍ෂණ වලින් කණ්අඩිය පිපිරිලා තියෙන බව හෙළිකලා. කනඅඩියට විෂබීජ ඇතුලූ වුවහොත් මොලයට යන්න පුලූවන්. එහෙම වුනොත් අමාරු වෙයි. වහාම කැමැති රෝහලකින් ප‍්‍රතිකාර ලබා දෙන්න කියලා කිව්වා. අපි කුලියට වාහනයක් අරන් කොළඹ මහ රෝහලට භාර දුන්නා . එදා සිට තවමත් කොළඹ මහ රෝහලේ ශ‍්‍රවණාබාධ අංශයේ විශේෂඥ වෛද්‍යවරු දුවට ප‍්‍රතිකාර ලබා දෙමින් දිවා ? විවිධ පරීක්‍ෂණ වලට ලක් කරනවා.


මට   ඕන  මගේ දුව  සුව  කරගන්නයි. දුවට ඇසීම ලබා දෙන්නයි. එහෙම නැතුව ගුරුවරුන්ගෙන් පලි ගන්න සිහිනෙන්වත් හිත්නනෙ නැහැ . දවස් දෙකක් පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් අපේ ගෙදරට ඇවිදින් දුක් වුනා. විදුහල්පතිවරියත්  කනගාටුව පළ කළා . තවදුරටත් දුව සනීප වුවත් ස්ථීරව සුව වේදැයි කියන්නට අමාරුයි. කොළඹ රෝහලෙන් කිසිවක් තාම අනාවරණය කරන්නේ නැහැ. දුවට හොඳට උගන්වලා ලොකු වැදගත් රැුකියාවක් ලබා දිම මගේ අරමුණ වුනා.

ප‍්‍රදේශයේ මන්ත‍්‍රී මහාමාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මහත්මයාත් ළමයාගේ කන්අඩිය පැලීම ගැන අතිශය ලෙස  දුක් වුනා. දරුවාව දින පතා බලන්නට යන්නට අපිට සල්ලි ඇත්තේ නැහැ. ඉතා අමාරුමෙන් ජිවත්වෙන්නේ. මම කියන්නේ මගේ දුවට ඉස්කෝලෙන් පහර දුන්නාට ඉස්කෝලේ පැත්තෙන් මීට වඩා උදව් පදව් කරන්න තිබුනා කියලයි. කළුතර කාන්තා හා ළමා කාර්යාංශයට මම මේ ගැන පැමිණිලි කරා .දියණිය කනේ පැලැදගෙන සිටි කරාබු දෙක පහර දීපු මිස් ගලවා ගෙන තිබෙනවා. එය දැන් බුලත්සිංහල පොලිසියේ තිබෙනවා කියලා අරංචියි. ගෑනු දරුවන් කන් පලදින රත්තරං කරාබු හෝ වෙනත් පලදනාවන් ගැන පාසලෙන් දැනුවත් කරලා තිබුනෙ නැහැ . අවුරුදු පහක් තිස්සේ මෙය දුව පැලැඳ ගෙන පාසල් ගියා. එය රුපියල් දහපහලොස් දහසක් පමණ වටින කරාබු කුට්ටමක්.

දැන් නම් සිද්ධ වෙච්ච දේවලූත් එක්ක මගේ දුව බුලත්සිංහල මහ විද්‍යාලටය යවන්න බැහැ. දරුවාට ගුරුවරුන්ට මුහුණ දෙන්නත් අමාරුයි. මේ වන විට දියනියට වාර විභාගයට මුහුණ දෙන්නත් බැහැ. ඒ ඇය රෝහලේ ප‍්‍රතිකාර ලබන නිසයි. පන්ති යන්නත් නැහැ. කොහොම වුවත් මේ සිද්ධිය පිළිබඳව අප මුහුණ දි සිටින තත්ත්වය පිලිබඳව ජනාධිපතිතුමාගෙත් අධ්‍යාපන ඇමතිතුමාගෙත්  අවධානය යොමු වේ යැයි කියලා බලා සිටිනවා.
මෙම දැරියට පහර දෙන ලද ගුරුවරිය බුලත්සිංහල පොලීසිය මගින් මතුගම උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මතුගම මහධිකරණ විනිසුරු චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් රු 50000 ක් ශරිර ඇප මත මුදා හළ කල බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති එච්.ඒ. ගුණරත්න මහතාගෙන් කල විමසුමකදී කියා සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්