මාතර කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් ව තිබේ.
ඕවිටිගම ප‍්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් පරීක්ෂා කිරීමට පොලීසිය මෙම සැකකරුව රැගෙන ගොස් ඇත. එහිදී එම සැකකරු හදිසියේම ගිනි අවියක් රැගෙන පොලීසියට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර පොලීසීය විසින් වෙඩි තැබීම හේතුවෙන් සැකකරු මියගොස් තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හක්මණ, මීඇල්ල, මඩබද්ද පදිංචි 22 හැවිරිදි අමිල ප‍්‍රියදර්ශන නමැති යුද හමුදාවෙන් පැනගිය සෙබළෙකි.