![]() |
| File Photo |
වළදැමූ බිලිඳු මළ සිරුර බල්ලන් විසින් රැගෙන යාබද ගෙවත්තක සිට කා දමනු ප්‍රදේශවාසීන් විසින් දැක පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසුව දරුවා බිහිකළ කාන්තාව සහ ඇගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
දරුවා බිහිකළ කාන්තාව සෞඛ්‍ය කාර්ය සහායකවරියක ලෙස 25 දින (ඊයේ) නුවරඑළිය ප්‍රදේශයේ රෝහලක පත්වීමක් ලබන්නට සිටි අයෙකු බවත්, එම නිසා තම බිලි¹ මෙසේ මරා දමන්නට සිය මවත් සමඟ සැලසුම් කළ බවද සැකකාර කාන්තාව පොලිසියට ප්‍රකාශ කොට ඇත. දරුවා බිහිකළ පසුව පෙකණි වැල කපා දමනු ලැබුවේ තම මව විසින් බවද පසුව දරුවා පොහොර උරයක ඔතා ගෙවත්තේ පිටුපස වළක් කපා වළදැමූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ. කාන්තාව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝහල්ගත කොට ඇති අතර ඇගේ මව මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසු වේ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර ජෝශප්, සහකාර පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිසියේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. එස්. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ.
