ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


නේපාලයේ ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැණුනු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.
ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.
මෙම විහාරය ක්‍රිස්තු පූර්ව  6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.

පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි. 
මෙම විහාරයේ පියස්සක් නොමැති බවත්  දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු   කියති.
මේ සොයා ගැනීමත් සමග බුදු  රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.
බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය  හඳුනාගෙන තිබූ අතර සෑම වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.
බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.
මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි  පැවතියේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.
මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම් වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ   පවසති.
මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු පිරිසක් ද සහභාගි වූහ.
(බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරෙනි).............................

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්