ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ලාබෙට එළවළු ගන්න පොළට ගිය විශ්‍රාමික ගුරුවරියකට සිදුවූ අපූරු සිද්ධියක්‌ වැලිවේරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

File Photo
විශ්‍රාමික ගුරුවරියක්‌ වූ ඇය පසුගිය සෙනසුරාදා වැලිවේරිය පොළට ගියේ අඩුමිළට එළවළු ටිකක්‌ මිලදී ගැනීමේ අටියෙනි. ඇගේ එම බලාපොරොත්තුව ඉටු කරමින් රුපියල් විස්‌සකට මිරිස්‌ කරල් ග්‍රෑම් 500 ක මිරිස්‌ ගොඩවල් අලෙවි කරන වෙළෙන්දකු දක්‌නට ලැබුණි. මිරිස්‌ ගොඩවල් එතරම් යහපත් තත්ත්වයක නොවීය. තරමක්‌ නරක්‌ වූ මෙන්ම තැලිච්ච සහ ඉදිච්ච මිරිස්‌ කරල් ද එම ගොඩේ දක්‌නට විය. ඒත් අඩුවට ගත හැකි නිසා ඇය එම මිරිස්‌ ගොඩක්‌ ගත්තත් ඇය අතේ තිබුණේ රුපියල් දහසේ නෝට්‌ටුවකි. ඇය එම මුදල වෙළෙන්දාට දිගු කළාය.

රුපියල් විස්‌සකට රුපියල් දහසේa නෝට්‌ටුවක්‌ දිගු කිරීම නිසා මිරිස්‌ වෙළෙන්දා සිටියේ තරමක්‌ අපහසුතාවකිනි. ඒ එය මාරුකර දීමට ඔහු අත එතරම් මුදල් ප්‍රමාණයක්‌ නොමැති නිසාය.

අනතුරුව රුපියල් දහසේ නෝට්‌ටුව අතට ගත් වෙළෙන්දා පැවසුවේ රුපියල් දහස මාරු කර ගෙන එන තෙක්‌ ඇයට එම ස්‌ථානයට වී සිටින ලෙසටයි.


වෙළෙන්දා මුදල් මාරු කරන්න ගිය අතරතුරේ ඇය මිරිස්‌ ගොඩේ තිබුණු නරක්‌ වුණු මිරිස්‌ කරල් ඉවත් කර ඒ වෙනුවට හොඳ මිරිස්‌ කරල් කිහිපයක්‌ද තම ගොඩට එකතු කර ගත්තාය.

තත්පර විනාඩිවලට පෙරළී අඩහෝරාවක්‌ පමණ ගතවිය. ඒත් වෙළෙන්දා එන පාටක්‌ නොවීය. මේ නිසා කලබලයට පත් වූ ගුරුතුමිය තම රුපියල් දහස රැගෙනගිය වෙළෙන්දා සොයා පොළභූමිය හැමතැනම සොයා බැලුවාය. එහෙත් මිරිස්‌ වෙළෙන්දා හමුවූයේ නැත.

පසුව ඇය ඒ අවස්‌ථාවේ මාර්ග සෝදිසියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන්ට ද මේ බව පැමිණිලි කළාය. එහෙත් වෙළෙන්දා ගැන හෝඩුවාවක්‌ නොවීය. පොළේ අනිකුත් වෙළෙන්දන් පැවසුවේ මේ මිරිස්‌ වෙළෙන්දා මීට පෙර දැක නොමැති බවය.

පොළේ කොතරම් කෑකෝ ගසා මිරිස්‌ විකුණුවත් රුපියල් දහසක්‌ නොලැබෙන බව දැනගත් මේ කපටි වෙළෙන්දා සිය රුපියල් දහස රැගෙන පලාගොස්‌ ඇති බව ඇයට වැටහිනි.

ලාබෙට එළවළු ගන්න ගිය ඇයට සිදුවූයේ රුපියල් තුන්සීයක පමණ මිරිස්‌ ගොඩකට හිමිකම් කියන්නටය.

එහෙත් ඇයගේ පාඩුව අවම කරගන්නට ඇය අපූරු මගක්‌ යොදා ගත්තාය. ඇය ඒ අසල මස්‌ කඩයක අත් උදව් කරන පුද්ගලයකුට කතා කොට එම මිරිස්‌ තොගය ඔහුට කුලී මුදලක්‌ ලබාදීමේ පොරොන්දුව මත අලෙවිකරන ලෙස දැන්වූවාය.

ඉන්පසු ඇය අත්උදව්කරු සමග එකතුවී මිරිස්‌ ගොඩ අලෙවි කිරීම ඇරඹූහ. ටික වේලාවකින් මිරිස්‌ ගොඩ විකිණීමෙන් රුපියල් පන්සීයක්‌ වැනි මුදලක්‌ ලබා ගැනීමට ඇයට හැකි විය. ගුරුවරිය දන්නා හඳුනන බොහෝ දෙනෙක්‌ ඇයගෙන් මිරිස්‌ මිලදී ගත්හ. ඉන්පසු උපයා ගත් මුදල ගිවිස ගත් හැටියට දෙදෙනා අතර බෙදා ගත් අතර අඩුමිලට එළවළු මිලට ගැනීමට ආ විශ්‍රාමික ගුරුවරියට සිදුවුණේ අතිනුත් පාඩු කරගෙන මිරිස්‌ වෙළෙ¹මේ යෙදෙන්නටය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්