මාර්‍ගය
දෙපස හිස් බියර් ටින් ඇත්දැයි විපරමින් ගිය බෝතල් පත්තර එකතු කරන්නකුට
ගම්පොළ, නාරංවිට ඉහළවෙල ප්‍රදේශයේ තුරු මාර්ගයක තිබී බෝම්බයක් හමු වී ඇත. අග්‍රාමාත්‍යවරයා නිතර ගමන් ගන්නා ඔහුගේ දොළුව පිහිටි නිවසට ආසන්න නාරංවිට ප්‍රදේශයේ මාර්‍ගයක තිබී මෙම බෝම්බය හමු වී ඇති අතර වහාම ඔහු මෙම බෝම්බය තිබූ ස්ථානයේ අවට නිවෙස්වලට ඒ බව දන්වා පසුව ගම්පොළ පොලිසිය වෙත දැනුම් දී තිබේ.
ගම්පොළ
පොලිසිය මගින් කොත්මලේ, මාවතුර යුද හමුදා කඳවුර නිලධාරින්ට හා මහ නුවර
බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මේ බව දන්වා එම බෝම්බය බ්‍රහස්පතින්දා (14)
නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදී.
ආරක්ෂක
අංශ විසින් භාවිතා කරන 82/2 වර්‍ගයේ ජීව අත්බෝම්බයක් වන මෙය මෙම ස්ථානයට
කෙසේ පැමිණියේදැයි පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර නිවාස පංතියක්
මැද තිබූ මෙම බෝම්බය පිපිරුණේ නම් විශාල හානියක් වීමටද ඉඩ තිබූ බව පරීක්ෂණ
පවත්වන පොලිසිය සඳහන් කරයි.
බෝම්බය එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඉහළවෙල පාලු ස්ථානයක දී මෙය පුපුරුවා හැරීමට කටයුතු යොදන ලදී.
ගම්පොළ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරි
චූලනී වීරරත්න, ගම්පොළ පොලිස් ස්ථානාධිපති වන්‍ද්‍රා ජයවීර යන මහත්වරුන්ගේ
උපදෙස් මත පොලිස් පරීක්ෂක පලිපාන මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ
කටයුතු සිදු කරති.
