ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රාජ්‍ය නායක සමුළුව හෙට සිට බණ්‌ඩාරනායක සමරු රඟහලේදී

මෙම සමුළුව චන්ද්‍රිකා අටක්‌ විසින් එම අවස්‌ථාවේම ලොව පුරා විකාශනය කෙරේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් රටවල් 53 ක රාජ්‍ය නායකයන්, අගමැතිවරුන් සහ විදේශ අමාත්‍යවරුන් සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.

ඊයේ රාත්‍රිය වන විට පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය නියෝජිතයන් සියලු දෙනා ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව හෙළ සංස්‌කෘතිකාංගවලට මූලිකත්වය ලබාදෙමින් ආරම්භ කෙරෙනු ඇත. රාජ්‍ය නායකයන් නෙළුම් පොකුණ රඟහල වෙත පැමිණෙද්දී ජයසක්‌ බෙරනද වාදනය කෙරෙනු ඇත.


විසි දෙවැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වූයේ 2009 දී ටි්‍රනිටෑඩ් හා ටොබෑගෝ හි පැවැති සමුළුවේදී වන අතර එය ඔස්‌ටේ්‍රලියාවේදී පැවැති සමුළුවේදී නැවත තහවුරු කෙරුණි.

මෙවර සමුළුවේ නිල ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මලින් සංකේතවත් කර ඇත.

"සමානාත්මතාව සමගින් වර්ධනය හා පරිපූර්ණ සංවර්ධනයක්‌" මෙවර සමුළුවේ තේමාව වී තිබේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය වසර දෙකක්‌ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා විසින් පිළිගන්වනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, මානව හිමිකම්, දේශගුණික විපර්යාස, පරිසරය, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ගැටලු මෙවර සමුළුවේදී සාකච්ඡාවට භාජන වීමට නියමිතය.

හමුදා නිලධාරීන් 676 ක්‌, ආරක්‌ෂක භටයන් 14,000 ක්‌ සහ අතිරේක භටයන් 40,000 ක්‌ සමුළුවේ ආරක්‌ෂාව සඳහා යොදවා ඇත.

මේ හැර රාජ්‍ය නායකයන් වෙනුවෙන් හයිබ්‍රිඩ් බෙන්ස්‌ රථ 54 ක්‌ සහ ආරක්‌ෂක කටයුතු සඳහා ලෑන්ඩ් රෝවර් 200 ක්‌ද යොදවා තිබේ.

රාජ්‍ය නායකයන්ගේ ආරක්‌ෂාව සඳහා පකිස්‌තාන රජය අධි තාක්‍ෂණික ස්‌කැනර්Êයන්ත්‍ර හා වෙනත් උපාංග සපයා ඇත.

මෙම සමුළුව පැවැත්වෙන ස්‌ථානය කොළඹ නගරයේ සවිකර ඇති අධි තාක්‌ෂණික කැමරා පද්ධතිය විසින් නිරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.

සමුළුවට නොපැමිණෙන බව දන්වා ඇත්තේ කැනඩා ඉන්දියා හා මොරිෂියස්‌ රාජ්‍ය නායකයන් තිදෙනා පමණි.

විදෙස්‌ රාජ්‍ය නියෝජිතයන් 1200 ක්‌ද, දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීහු 830 ක්‌ද සමුළුව ආවරණය කිරීමට පැමිණ සිටිති.

1976 පැවැති නොබැඳි සමුළුවෙන් පසු මෙපමණ විශාල මාධ්‍යවේදීන් සංඛ්‍යාවක්‌ මෙරටට පැමිණි මුල් වතාව මෙයයි. අද පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් පසු රාජ්‍ය නායකයන්ගේ හමුව හෙට බණ්‌ඩාරනායක සමරු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මෙම 17 වැනිදා අවසන් වේ.

පොදුරද සමුළු රාජ්‍ය නායක උළෙල වෙනුවෙන් කොළඹ නගරය ධජ පතාක ඔසවා අලංකාර ලෙස ඊයේ සිට සරසා තිබිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්