සිරිකොතේ ජරමරේ වීඩියෝ සහිතයි
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයට ඊයේ (14දා) දහවල් වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේගේ සිවුරු ගලවමින්, අතින් පයින් ගුටි අනිමින් එජාප නායකත්ව මණ්ඩලය සුබ මොහොතින් දේශපාලන වැඩ කටයුතු ආරම්භ කෙළේය.
ඥානසාර හිමියන් ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ දසනමක් සිරිකොත මන්දිරයේ ප්‍රධාන ෙදාරටුව අසලට වැඩම කරද්දී එහි සිටි පිරිසක් එකවරම උන්වහන්සේ වෙත කඩා වැදී වටකර ගනිමින් සිවුරු අදිමින් සිවුරු ගලවමින් අතින් පයින් පහර දෙද්දී සිරිකොත මන්දිරයේ ඉහළ මාලයේ සිටි පක්ෂයේ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරුන්, භික්ෂුන් වහන්සේට පහරදීම දැඩි අවධානයකින් යුතුව බලා සිටිනු දක්නට ලැබිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔහු අත තිබූ ජංගම දුරකතනයෙන් භික්ෂුන් වහන්සේට පහරදීම ඡායාරූපගත කරන දසුනද හොඳින් දැකගන්නට ලැබිණි.
සිරිකොත මන්දිරයේ රැඳී සිටි පාක්ෂිකයන් හා මැරයන් විසින් කළ ම්ලේච්ඡ පහරදීම නිසා භික්ෂුන් වහන්සේ තුන් නමක් හා තවත් පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ සිරිකොත මන්දිරයට වැඩම කළේ ශ්‍රී ලංකාවට හා ආරක්ෂක හමුදාවලට එරෙහිව චිත්‍රපට නිෂ්පාදනය කොට චැනල් 4 නාළිකාව ඔස්සේ විකාශය කළ කැලම් මැක්රේ සහ රාජ්‍ය නොවන සංවිධානවල කීප දෙනකු සිරිකොත මන්දිරයට කැඳවා මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන නායකත්ව මණ්ඩලයට දිවුරුම් දුන් සාමාජිකයන් හා එක්සත් භික්ෂු පෙරමුණේ වැඩම කර සිටි හිමිවරු හමුවී ඒ පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහාය.
සාකච්ඡාව සඳහා පැමිණි ස්වාමීන් වහන්සේ පිරිස සිරිකොතට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව විවෘත කරගෙන භූමියට ඇතුළු වූ විගසම එක්සත් ජාතික පාක්ෂික පිරිසක් හාමුදුරුවරු වටකර ගත් අතර විශාල හූ හඬක් හා අසභ්‍ය වචනවලින් හාමුදුරුවන්ට බැන වැදීමත් සමඟ කුපිත වූ පිරිස ඥානසාර හාමුදුරුවන්ගේ සිවුරෙන් ඇද පහර දෙන්නට පටන් ගත්හ. ඒ සමඟම එජාප මූලස්ථානයේ සිටි විශාල පිරිසක් එකපාරටම ස්වාමීන් වහන්සේට පහර දෙන්නට වූහ. සිරිකොත භූමියේ සිටි මාධ්‍යවේදීන් තල්ලු කරමින් හාමුදුරුවන් අසලට ළං වූ පිරිස පහර දෙද්දී එය වළක්වන්නට කිසිවකු උත්සාහ කළේද නැත.
ඒ අතරේ දෙහිවල ගල්කිස්ස එජාප නගර සභා මන්ත්‍රිනියක් වන මරීනා ආබ්දීන් මහත්මිය පිරිස කුලප්පු කරමින් ස්වාමීන් වහන්සේට අසභ්‍ය වචනයෙන් බනින්නට වූවාය. එක්සත් ජාතික පාක්ෂික කාන්තාවක් මාධ්‍යවේදීන් සිටි තැනට පැමිණ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මාධ්‍යවේදිනියන්ට ගණිකාවෝ යැයි පවසමින් පහර දෙන්නට පටන් ගත්තාය.
මේ අවස්ථාවේ මාධ්‍යවේදිනියන්ද ඇය සමඟ වචන හුවමාරුවක යෙදෙද්දී එම කාන්තාව හෙමින් සීරුවේ සිරිකොත මන්දිරය දෙසට ගියාය.
විනාඩි 30කට ආසන්න කාලයක් ඥානසාර හාමුදුරුවන් සිරිකොත ෙදාරළඟ හිරකරගෙන සිටින අතරතුර අනිත් හාමුදුරුවන් හට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දුන්හ. මේ අවස්ථාවේ එක් භික්ෂුන් වහන්සේ නමක් බිම ඇද වැටී සිටියදී උන්වහන්සේට පයින් පහර දෙනු ලැබීය.
පහරකෑමට ලක්වූ ස්වාමීන් වහන්සේ පිරිසට හූ කියමින් පරුෂ වචනවලින් බැන වදිමින් සිරිකොත භූමියෙන් එළියට තල්ලු කර දමනු දක්නට ලදී. ඥානසාර හාමුදුරුවන් තමන් වහන්සේ මුහුණ දුන් සිද්ධිය ගැන මාධ්‍යයට අදහස් දක්වන්නට සැරසෙද්දී එජාප මැර පිරිස් එයටද බාධා කරමින් හූ කියන්නට වූහ.
මාධ්‍යයට බාධා කිරීම් මැද අදහස් දක්වමින් ඥානසාර හාමුදුරුවන් කිව්වේ යූ.එන්.පී. එකේ ඉන්නේ තිරිසනුන්, මිනිස්සු කවුද කියලා හඳුනාගන්න බැරි අය. අපි ආගමික ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහලා පින්තූර හදලා ප්‍රදර්ශන තියන්න හදන බි්‍රටෝලා හමුවෙලා සාකච්ඡා කරන්න අවේ. අපි 10 නමයි ආවේ. මේක වටලනවා නම් අපි 500ක් අරගෙන එනවා. ඒක තේරුම් ගන්න බැරි හරක් විපක්ෂයේ ඉන්නේ. ඒකයි දුක. සමහරු අපි ගෝඨාගේ ටීම් එකක් කියනවා. අපි බෞද්ධ සංවිධානයක් විතරයි. අපිට කාවවත් වැඩක් නෑ. එක විපක්ෂයක්වත් ආණ්ඩුවක්වත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳුවේ නෑ.
අපි දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපිට දේශපාලන ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බෑ. බොරු කියන්න ඕනෑත් නෑ. මම සිරිකොතට අද ඊයේ ආපු කෙනෙක් නෙවේ. භික්ෂු පෙරමුණ හදන්නත් වැඩ කරපු කෙනෙක් මම. මංගල, වික්‍රමබාහු, බි්‍රටෝලා ඇයි මේ යූ.ඇන්.පී. එක විනාශ කරන්න හදන්නේ. රටේ නායකයෝ බිහිවුණේ මෙතැනින්. දැන් සිරිකොත ප්‍රේත භූමියක් වෙලා.
ඇයි මෙතැන පිරිහුණේ කියලයි අපිට ප්‍රශ්නෙ තියෙන්නේ. අපි ආවේ ඒක ගැන සොයන්න. සාකච්ඡා කරලා අපේ අදහස් හා එක්සත් භික්ෂු පෙරමුණේ අදහස් දැනගන්න. ඒත් අපිට සැලකුවේ මෙහෙමයි. ඇත්තටම ලැජ්ජයි, හිරිකිතයි.