පසුගියදා පැවැත්වුණු සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියතම නළුවා බවට පත්
වුණේ විශ්ව කොඩිකාර. මේ දවස්වල නිතර පුංචි තිරයේදී හමුවන විශ්ව ජනප්‍රියම
නළුවා වීම පුදුමයක් නොවෙයි. අපි විශ්වට කතා කළේ ජනප්‍රියම නළුවා වීමේ සතුට
ගැන වගේම අලුත් තොරතුරු ගැනත් දැනගන්න.
විස්තරය කියවන්න පහලට යන්න
http://gallery.lankagossip.info/2013/11/vishva-kodikara.html ජනප්‍රියම නළුවා වීමේ සතුට කොයි වගේද?
මම හිතපු නැති වෙලාවක, හිතපු නැති විදිහට මම ජනප්‍රියම නළුවා වුණා. ඒක මට කියා ගන්න බැරි තරම් ලොකු සතුටක්.
හොඳම නළුවා නොවී ජනප්‍රියම නළුවා වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ජනප්‍රියම නළුවා වෙන්නේ ජනතාවගේ කැමැත්තෙන්නේ. හොඳම නළුවා වෙන්න රංගනයට හොඳ දක්ෂතාවක් තියෙන්න ඕන මේ දෙක දෙකක්. හොඳම නළුවා වෙන්න තරම් මගේ දක්ෂතා තවමත් හොඳ මදි
ඇයි දක්ෂතා හොඳ මදි කියන්නේ ?
රඟපෑමට මටත් යම් දක්ෂතාවක් තියෙනවා. ඒත් ඒ දක්ෂතා දක්ෂ නළුවො කියලා මගේ හිතේ ඉන්න අයගේ දක්ෂතාවලට වඩා අඩුයි.
කවුද ඒ දක්ෂ නළුවෝ ?
රොෂාන් රවීන්ද්‍ර සහ බිමල් ජයකොඩි තමයි අද දක්ෂ නළුවෝ කියලා මට හිතෙන්නේ. මම ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
කවදා හරි විශ්වට පුළුවන්ද ඒ තැනට යන්න ?
මම උත්සාහ කරනවා. තව තව දේවල් ඉගෙනගෙන ඒ තැනට යන්න. එදාට මටත් පුළුවන් වේවි හොඳම නළුවා වෙන්න. හොඳම නළුවා සම්මානෙත් එදා හම්බ වේවි.
ඒ කියන්නේ රඟපාන්නේ සම්මාන බලාගෙනද?
සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. රඟපෑමට ආදරය කරන කෙනෙක් විදියට හැකියාව දියුණු කර ගන්නයි මට ඕනෑ.
විශ්ව ජනප්‍රිය වෙලා ඉන්නේ එකම විදිය චරිතවලින් ?
ඒවා මට ලැබුණු චරිත ක්‍ෂේත්‍රයේ කෙළින් හිටගන්න උත්සාහ කරන කෙනෙක් විදියට හම්බවෙන නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න මට බැහැ. ඒත් ඒ එකවගේ චරිතවල වුණත් පොඩි පොඩි වෙනස්කම් කරන්න මම උත්සාහ කරනවා.
ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙන්නේ විශ්ව ජනප්‍රිය නිසාද?
මට නම් හිතෙන්නේ මම ජනප්‍රිය වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය ජනප්‍රිය වුණු නිසා කියලා.
පසුගිය උපන් දිනේට ඉඩම් දන් දුන්නෙත් ප්‍රසිද්ධ වෙන්නද?
ගොඩක් අය හිතන්නේ නම් එහෙම තමයි. හැබැයි මම එහෙම කළේ මගේ හැම උපන් දිනයකටම කරන පින්කම්වල තවත් එක දෙයක් විදියට අනික ඔය අදහස මට දුන්නොත් මගේ තාත්තා.
සෝබන වැඩවලට විශ්ව අකැමැතිද?
බොරු දේවල්වලට මම කැමැති නැහැ. උපන් දිනේකට පාටියක් දාන්නෙවත් නැත්තේ ඒ නිසා.
විශ්ව නළුවෙක් වුණේ තාත්තා අධ්‍යක්ෂවරයෙක් නිසා කිව්වොත්?
තාත්තා මට උදව් කරනවා තමයි. ඒත් මම රඟපෑමට ආවේ මට පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාව නිසා. මම නළුවෙක් වුණේ මට රඟපාන්නත් පුළුවන් කමක් තියෙන නිසානේ. හැබැයි මම රඟපෑම ඉගෙනගෙන ආපු කෙනෙක්. මහේන්ද්‍ර පෙරේරා ළඟ තමයි මම රඟපෑම ඉගෙන ගත්තේ.
ලැබෙන හැම චරිතයක් ගැනම තාත්තාගේ උපදෙස් ගන්නවා කියන්නේ ඇත්තද?
තාත්තා තමයි මට ලැබෙන චරිතවල හොඳ නරක බලලා භාර ගන්නද එපාද කියලා කියන්නේ. තාත්තා හා කිව්වොත් මම ආයේ හිතන්නේ නැහැ චරිතේ භාර ගන්නවා.
ඒ කියන්නේ තාමත් තනියම තීරණ ගන්නේ නැහැ.?
තාත්තා උදව් කරන නිසා තනියම තීරණ ගන්න ඕන නැහැ. ඒත් මම දන්නවා තාත්තා ළඟදීම දවසක කියාවි තනියම හිතලා චරිත තෝරාගන්න කියලා. ඒක එදාට බලනවා.
ජීවිතේ ගැනවත් තනියම තීරණයක් අරගෙන නැද්ද?
ජීවිතේ ගැන නම් තීරණ අරගෙන තියෙනවා. හැබැයි ඒකත් තනියම නමෛයි.
එහෙනම් අලුත් ආරංචි තියේවි ?
ලබන මාසෙ විතර රංගනයට සම්බන්ධ නැති අලුත් ආරංචියක් දැනගන්න පුළුවන් වේවි.
http://gallery.lankagossip.info/2013/11/vishva-kodikara.html ජනප්‍රියම නළුවා වීමේ සතුට කොයි වගේද? මම හිතපු නැති වෙලාවක, හිතපු නැති විදිහට මම ජනප්‍රියම නළුවා වුණා. ඒක මට කියා ගන්න බැරි තරම් ලොකු සතුටක්.