ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මියගිය මවත් සමග දරුවන් උසාවිය හමුවට බටුවත්ත සන්සුන් කිරීමට පොලිසිය එයි
මහා සංඝයා විෂයෙහි දානයක් පූජා කර මියගිය මවට පිං පමුණුවද්දී එම මාතාව නිවසට පැමිණීමත් සමග මුළු ගමම මහත් කුතුහලයටත්, නොසන්සුන්තාවට පත් වී තිබේ. සිකුරාදා (15දා) දහවල් මියගිය මවට පිං පමුණුවීම සඳහා දානයක් පිළිගන්වා ඇත්තේ රාගම, බටුවත්තේ නිවසකදී ය. ඉකුත් 08 වැනිදා රන්මුතුගල ප්‍රදේශයේදී අලුයම 3.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ධ මාතාවක් මියගොස් ඇත. ඇගේ දේහය පොලිසිය මගින් රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබේ.

එදිනම දහවල් මියගිය කාන්තාවගේ දරුවන් 11 දෙනාගෙන් දහ දෙනෙක්ම රෝහලට පැමිණ මෘත ශරීරාගාරයේ තබා තිබූ මළ සිරුර සිය මවගේ යැයි හඳුනා ගෙන තිබේ. අනෙක් දරුවා විදේශයක සේවය කරන බැවින් ඔහු පැමිණ නැත. මෘත ශරිරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා සිරුර දරුවන්ට භාර දී තිබේ. අනතුරව සිරුර දෙනක බහා බටුවත්තේ නිවසට රැගෙන ඒමෙන් පසු දරුවන් දහදෙනා, ඔවුන්ගේ බිරින්දෑවරුන්, මුණුබුරු, මිණිබිරියන් ඇතුළු ඥාතීන් දෙන බදාගෙන වැළපෙන්නට පටන් ගෙන ඇත. 76 හැවිරිදි මෙම මාතාවගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු හත් දවසේ දානමය පිංකම තිබී ඇත්තේ අද (15දා) දහවල් ය.

දානමය පිංකම සිදුවෙමින් තිබියදී හදිසියේම මෙම මාතාව නිවසට පැමිණ තිබේ. එම අවස්ථාවේ නිවසේ සිටි ඇගේ දරුවන් දහ දෙනා ඇතුළු ඥාතීන් සහ පළාත්වාසීන් තුෂ්නිම්භූත වී ගොස් ඇත. මව විසින් පවසා ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ මහ රෝහලට ගිය අවස්ථාවේ දී වෛද්‍යවරුන් විසින් ඇය රෝහලේ නවතා ‍ගත් බවයි.අද (15දා) ටිකට් කැපූ බවයි. සිද්ධිය පිළිබඳ කඩවත පොලිසියට වාර්තා වීමත් සමග පැමිණි පොලිසිය මියගියා යැයි කියන, ජීවතුන් අතර සිටින මව සහ දරුවන් දහ දෙනා උසාවිය හමුවට පමුණුවන්නට තීරණය කළේය. ඒ වෙනත් අයකුගේ දේහයක් මිහිදන් කිරීමත්, මෙම අවුල විසඳා ගැනීමත් යන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිණිස බව කඩවත පොලිසිය කියයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්