ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ජාතියට හතුරුකම් කළ චැනල් 4 චිත්‍රපට අධ්‍යක්ෂ කැලම් මැක්රේට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දීම ආණ්ඩුවේ ඔළමොට්ටළ උපදේශකයන්ගේ වැඩක් බවත්, එය නිවැරැදි කළ නොහැකි ජාතියටම කළ බරපතළ වරදක් බවත් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. කැලම් මැක්රේ ඇතුළු කණ්ඩායම වහාම රටින් පිටුවහල් කළ යුතු අතර ඔවුන් හුරතල් කිරීමේ අනාගත භයානක ප්‍රතිවිපාකවලට ආණ්ඩුව වගකිව යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

රටේ ජේ‍යෂ්ඨ නායකයන් බිහි කළ සිරිකොත පුදබිමේ සමඟි බලවේගය නමැති අශුද්ධ සන්ධානයක් සමඟ මංගල සමරවීර මන්ත්‍රිවරයා පෙරේදා පැවැත්වූ මාධ්‍ය හමුවට කැලම් මැක්රේ ගෙන්වීමෙන් ඔවුන් මුළු ජාතියම පාවාදී ඇති බවද ඥනසාර හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (13දා) කොළඹ බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
උන්වහන්සේ මෙසේද පැවසූහ.

සිරිකොත මූලස්ථානයේ පෙරේදා අමුතුම ආකාරයේ නරි නාටකයක් තිබුණා. මෙරට දේශපාලන කරළියෙන් ප්‍රතික්ෂේප වෙමින් යන බංකොළොත් දේශපාලනඥයන් හා දේශද්‍රෝහී කොන්ත්‍රාත්තු සඳහා ලැබෙන ඩොලර් කුට්ටි ඉදිරියේ ඕනෑම දෙයක් පවාදීමට සූදානමින් සිටින ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන් රටට එරෙහි අශුද්ධ සන්ධානයකට යොමු වී සිටිනවා. ඊටම සමගාමීව දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් යාපනයේ උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. මේවා සැලසුම් සහගත වැඩපිළිවෙළක්.


කැලම් මැක්රේගේ තෙවැනි චිත්‍රපටය දිල්ලියේදී විකාශය කරන්නට උත්සාහ කළා. නමුත් ඉන්දීය රජය දූරදර්ශීව ඊට අවසර ලබා දුන්නේ නැහැ. කැලම් මේ ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර බෙදුම්වාදී කණ්ඩායම්වලට ප්‍රාණ වායු සැලසුම් ක්‍රියාත්මක කිරීමයි.

මේ එන්.ජී.ඕ. කුක්කන්ගේ සැලසුම් මීට වඩා රළු විදියට අපි හෙළිදරව් කරනවා. නමුත් මේ අවස්ථාවේදී අකැමැත්තෙන් වුවත් අපට එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ආණ්ඩුවේ ඇමැතිවරු මොන බහුබූත දෙඩුවත් මුළු ජාතියටම ඓතිහාසික වැරැද්දක් සිදුකර තිබෙනවා.

අපි විපක්ෂයේ නායකත්වයෙන් වගේම නායකත්ව මණ්ඩලයෙන් ප්‍රශ්න කරන්නේ සිරිකොතේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවට මැක්රේ කැඳෙව්වේ ඔවුන් දැනුම්වත්වද කියලා. වගකිව යුතු විපක්ෂයක් ලෙස දිගින් දිගටම රටේ බෙදුම්වාදය පෝෂණය කරන්න සිරිකොත වැනි ස්ථානයක් ලබාදීම පිළිබඳ පක්ෂය ලැජ්ජා වෙන්න ඕන.
කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුව ඇමැතීම පිළිබඳ බොදු බල සේනා සංවිධානය විරුද්ධත්වයක් නොපෙන්වූයේ මන්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් උන්වහන්සේ පැවැසුවේ කැලම් මැක්රේ හා කැසිනෝ යනු සිද්ධි දෙකක් බවත්, කැසිනෝ හා සූදුව කුමන විදියකින්වත් තම සංවිධානය නොපිළිගන්නා බවත්ය.

කැසිනෝවලට අඛණ්ඩව තම විරෝධය ප්‍රකාශ කර සිටින බව කී උන්වහන්සේ කැසිනෝවල ආදීනව තමන්ට පෙන්වා දිය හැකි නමුත් එය පිළිගැනීම නොපිළිගැනීම ආණ්ඩුවේ වගකීමක් බවයි.
කැලම් මැක්රේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවැසුවේ තමන් සංවිධානය ආණ්ඩුව කරයි නම් මැක්රේට කටුනායක තබා හම්බන්තොට ගුවන්තොටුපොළින් ගොඩබසින්නට ඉඩ නොතබන බවයි.

මෙහිදී කතා කළ බොදු බල සේනා සංවිධානය අධ්‍යාපන හා පර්යේෂණ ඒකකයේ මහාචාර්ය චමිල ලියනගේ මහතා සඳහන් කෙළේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවලින් හරිනම් රට ඉවත්විය යුතු බවයි. නමුත් එම සමුළුවෙන් යම් ප්‍රයෝජනයක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
කැලම් මැක්රේට තවත් නාටක හදන්න වුවමනා නැති බව කී ඒ මහතා දැනටමත් එම නාටක සඳහා අවශ්‍ය දේ රඟදැක්වෙන බවද සඳහන් කෙළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්