චැනල් ෆෝ මාධ්‍යවේදී කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කණ්ඩායම අනුරාධපුරේ සිට කොළඹට පැමිණිම සඳහා කුලි පදනම මත යොදා ගත් වැන් රථයෙහි අදාළ කුලී ගාස්තුව වන රුපියල් 30,000ක මුදල නොගෙව් බවට එහි රියැදුරා විසින් කොම්පඤ්ඤවිදිය පොලිසියට පැමිණිලි කර තිබේ.
කැලම් මැක්රේ ඇතුළු චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමට ඊයේ කිලිනොච්චිය බලා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ඔවුන්ට විරෝදය පල කරමින් පිරිසක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ උද්ඝෝසනයක් පවත් වූ අතර එහිදී මෙම මාධ්‍ය කණ්ඩායම වැන් රථයකින් නැවත කොළඹ බලා පැමිණියේය.
මොවුන් ඊයේ රාත්‍රී දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන අද කොළඹට පැමිණ ඇති අතර එහිදී වැන් රථයේ ගාස්තුව නොගෙවීම හේතුවෙන් එහි රියැදුරා මෙලෙස පොලිසියට පැමිණිලි කර තිබේ.
වැන් රථය අනුරාධපුර ප්‍රදේශයේ එකකි.
