ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඇයගේ සැමියා ජ්‍යෙතිෂ්‍යවේදියෙක්‌!!
කාන්තාවක්‌ සමග අනියම් ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප වීඩියෝ ගතකර එම ඡායාරූප අන්තර්ජාලයට ප්‍රදේශවාසීයන්ට ලබාදෙන බවට පවසා තර්ජනය කර එම කාන්තාවගෙන් රුපියල් ලක්‌ෂ පහමාරක කප්පම් මුදල් ඉල්ලා සිටි තරුණයකුද ඔහුට ඒ සඳහා අනුබල දුන් කාන්තාවක්‌ද රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත්දා කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මෙහි සැකකරු පිටිගල පැලවත්ත පාරේ පදිංචි අයෙකි. ඔහු රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, නුවරඑළිය හවාඑළියේ පදිංචි සැකකාර කාන්තාව රුපියල් ලක්‌ෂයක ශරීර ඇපමත මුදාහරින ලෙසත් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියෝග කළේය.

පැමිණිලිකාරිය බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයගේ සැමියා ජ්‍යෙතිෂ්‍යවේදියෙකි. ඔහුගෙන් කේන්දරය බලා ගැනීමට පැමිණි සැකකරු පැමිණිලිකාරිය සමග හිතවත්වී අඹු සැමියන් වශයෙන් ගතකර ඇතැයිද එහිදී සූක්‍ෂම ලෙස ඇයගේ නිරුවත් ඡායාරූප සැකකරු ලබාගෙන ඇතැයිද පැමිණිලිකාරිය රහස්‌ පොලිසියට කළ පැමිණිල්ලේ දැක්‌වෙන බව අධිකරණයට රහස්‌ පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්‌විණි.. 2013.9.13 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇතැයිද පසුව පැමිණිලිකාරියට නිරුවත් ඡායාරූප පෙන්වා අන්තර්ජාලයට හා අසල්වාසීන්ට ලබාදෙන බව පවසා මුදල් ලබා ගෙන ඇතැයිද රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

2013. 11. 01 වැනි දින පැමිණිලිකාරිය විසින් රහස්‌ පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ අනුව සැකකරු හා සැකකාරිය පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්‌ෂ පහකට අධික කප්පම් මුදලක්‌ ලබා ගැනීමට සූදානම් වී ඇතැයි රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

නීතිඥවරුන් වන සරත් කරවිට හා අනුෂා යන මහත්ම මහත්මීහු සැකකරු හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්