ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ අට හැවිරිදි පාසල් දැරියකගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබියදී විස්මිත නහර බද්ධ කිරීමේ සැත්කමකින් පසු එම දැරියගේ පාදය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වූහ.

මේ දැරිය පාසලේ සිට තම මව හා සීයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී දැරියට නින්ද යෑමෙන් ඇගේ දකුණු පාදය යතුරුපැදියේ පසුපස රෝදයට හසුවී තිබේ. පාදය පසුපස රෝදයට හිරවීම නිසා යතුරුපැදිය පැදවූ සීයා එය නතරකොට සොයා බැලීමේදී දැරියගේ වම් පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබෙනු දැක ඇත.

ඇය කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර දැරියගේ පාදයේ අස්ථි හා මස් කැබැලිද පොලිතින් බෑගයක දමා ගෙන රෝහලට රැගෙනවිත් තිබේ. පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා වෙන්ව තිබූ පාදයේ නහර බද්ධකොට යළි ප්‍රකෘති තත්ත්වයට පත්කොට ඇති අතර සැත්කම සාර්ථක බැව් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පවසයි.

මෙසේ සැත්කමට භාජන කරනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබන ජී.ජී. ධෙනුනි ටම්න්දි (08) නමැති දැරියයි.
මෙම විස්මිත නහර බද්ධ කිරීමේ සැත්කමේ තොරතුරු සොයා පෙරේදා (07දා) පස්වරුවේ අපි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගියෙමු. තවත් සැත්කමක් කරමින් සිටියදී ඉතා අපහසුවෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා සම්බන්ධ කරගතිමු.


ඔහු මේ සැත්කම පිළිබඳ මෙසේ කීවේය.
“දැරියගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් සමෙන් වෙන්වෙලා තිබුණු අතර අස්ථි, නහර, ධමනි, ශිරා සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තිබුණේ. පාදය නිල්වෙලා ලේ සැපයුම නතර වෙලා තිබුණේ. දැරියගේ පාදය බේරාගැනීමට නොහැකි තත්ත්වයක තමයි පැවැතියේ. නමුත් මේ දැරියගේ පාදයේ සැත්කම කිරීමට අප තීන්දු කළා. පාදය තමරක් කොට කරලා අස්ථි පිටතින් යකඩ රාමුවක් සවිකරලා තමයි ශිරා හා නහර බද්ධ කිරීමේ සැත්කම කළේ. සැත්කමෙන් පසු පාදයට ලේ සැපයුම ලැබෙනවා, නහර බද්ධ කිරීම සාර්ථකයි.

මේ දැරිය ගැන දවසින් දවස බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. විසබීජයක් ඇතුළු වෙලා හෝ වෙන බලපෑමක් වෙලා ගැටලුකාරී තත්ත්වයක් ඇතුවුවත් ඒ වෙනුවෙන්ද අවශ්‍ය දේවල් කිරීමට අප සූදානමින් ඉන්නවා. දැරියගේ පාදයට ලේ සැපයුම හොඳින් ලැබෙන නිසා ගැටලුවක් ඇතිවෙන එකක් නැහැ. නමුත් දැරියගේ පාදයට අස්ථි හා ප්ලාස්ටික් සැත්කමක් කළයුතු වෙනවා.

නහරවලට අනතුරක් වූ විට අනතුරට ලක් වූ කොටස සොලවන්නේ නැතිව රෝහලට රැගෙන ඒම අවශ්‍යයි. ඒ විතරක් නෙවේ, වෙන්ව ගිය කොටස් පිරිසුදු පොලිතින් බෑගයක දමා ඊට පිටතින් අයිස් කැට හා වතුර දමා රැගෙන ආ යුතු වෙනවා.

පාසල් දරුවන් යතුරුපැදිවල රැගෙන යෑමේදී මවුපියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා”
මෙම සැත්කම කිරීම සඳහා පැය හතරහමාරක පමණ කාලයක් ගතවී ඇත. සැත්කම සඳහා වෛද්‍යවරුන් වන තේජ ජයසේකර, ඉෂාන් පෙරේරා, සුරංග යන වෛද්‍යවරුන් රංජුක උබේසිරි වෛද්‍යවරයාට සහාය වී තිබේ.

දැරියගේ මව වන සංජීවනී පෙරේරා මහත්මිය අප සමඟ මෙසේ කීවාය.
“දුවගේ ශිෂ්‍යත්ව පන්තියට ගිහින් එනවිට තමයි මේ අනතුර වුණේ. දුව යතුරුපැදියේ මැද වාඩිවෙලා ආවේ. මහත්තයාගේ තාත්තා තමයි යතුරුපැදිය පදවාගෙන ආවේ. දුවගේ කකුල යතුරුපැදියේ පිටුපස රෝදයට හසුවුණා. දුවගේ කකුල සමෙන් වෙන්වෙලා තිබුණේ. පාදයේ සමේ අස්ථි කොටස් එකතු කරගෙන තමයි ඇය රෝහලට රැගෙන ගියේ. අනේ රංජුක වෛද්‍යතුමා දෙවි කෙනෙක්. ඔහු අපේ මානසික තත්ත්වය හදලා අපි මොනවා හරි කරමු කියලා තමයි සැත්කම කළේ. ඇත්තටම එදා රංජුක වෛද්‍යතුමන් හිටියේ නැත්නම් දුවගේ පාදය කපන්න වෙනවා. සැත්කම සාර්ථක බව වෛද්‍යතුමන් කීවා. අනේ මෙවැනි වෛද්‍යවරුන් සිටීම රටටත් වාසනාවක්. මේ අය තමයි පේන්න ඉන්න දෙවිවරු”

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්