ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


අනුරාධපුර පස් පුද්ගල ඝාතනය මිනී මරුවන් එල්ලුම් ගස් යවනු

ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීහූ විරෝධතාවක
නිසි දඬුවම් නොලැබීම අපරාධ වැඩි වීමට හේතුවයි
ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල මානව අයිතීන් රැක දෙන්න


අපරාධකරුවන් වෙනුවෙන් රටතුළ එල්ලුම් ගහ ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබා දෙන්නැයි බලකරමින් අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ ඉකුත් (4) දා ඝාතනයට ලක් වූ එකම පවුලේ පස්දෙනා පිළිබඳ ශෝකය පළකරමින් මහාසංඝරත්නය ප්‍රමුඛ ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීහු (7දා) සවස විරෝධතාවක නිරත වූහ.

ඝාතනයට ලක්වුවන්ගේ දේහයන් ඔවුන් පදිංචිව සිටි නිවසේ තන්පත් කරතිබු දේහයන් අවසන් කටයුතු සිදුකිරීම සඳහා විහාරහල්මිල්ලකුලම පොදු සුසාන භූමියට රුගෙන යන අවස්ථාවේ දී නිවෙස ඉදිරිපිට මාර්ගයේ දේහයන් ද තබා ජනතාව මේ මිනී මරු අමනයන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටියහ.

වර්තමානය වනවිට අපරටේ මිනිස් ඝාතනයන් වර්ධනය වී ඇත්තේ ඔවුන්ට නිසි දඩුවම් නොලැබීම හේතුවෙන් බවත්, මෙවැනි අපරාධකරුවන්ට කිසිදු අයුරකින් නිදහසක් ලබා නොදෙමින් ඝාතනයට ලක්වුවන්ගේ පවුල්වල අයගේ මානව අයිතීන් සුරකින ලෙස ද උද්ඝෝෂණයේ නිරිතවූ ජනතාව ඉල්ලා සිටියේය.

එසේම මේ ඝාතන සිදු කළ අපරාධකරු හට කිසිදු නීතීඥයකු පෙනීනොසිටින ලෙස ද ජනතාව ඉල්ලීම් කළේය. අද පුද්ගලයන් අපරාධ කිරීමට බියනොවී ඇත්තේ ඔවුන්ට අප රටේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කර මරණීය දණ්ඩනය සිදු නොකිරීම නිසා බවද ජනතාව අවධාරණය කර සිටියේය.

මෙම අවසන් කටයුතු සඳහා වැඩම කරනු ලැබූ අනුරාධපුර සාරානන්ද විහාරයේ විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක ගිරාබේ ආනන්ද නාහිමියන් මෙලෙස සඳහන් කර සිටියහ. 'මුළු ලොවම පිළිගත් මේ බෞද්ධ රටට අද මොකද වෙලා තියෙන්නේ. දවසින් දවස අපරාධ වැඩිවෙලා අහිංසක දුප්පත් මිනිසුන් විනාශ වනවා.මේ රටේ තිරිසන් සමාජයක් බිහිවෙලා.'

අද ලංකාවේ තැන ඇත්තේ මිනිසුන්ට නොව තිරිසන් සතුන්ට පමණක් බවද උන්වහන්සේ සඳහන් කළහ. මේ වගේ ඝාතනකරුවන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එල්ලුම්ගහ තිබුණා නම් අද මේ කිසිවකු ඝාතනය නොවන බවද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියහ. උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතාට භාර දෙති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්