ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් දෙදෙනකු දණගස්‌සවා බලහත්කාරයෙන් සමාව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් හත්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඇමැතිවරුන් දෙදෙනාගේ ආධාරකරුවන් දෙපිරිස අතර කාලයක සිට පවතින ආරවුලක්‌ මීට හේතු වී තිබේ. කලුවාමෝදර මොරගල්ල ප්‍රදේශයේ පදිංචි මේ දෙපිරිස අතර පෙරේදා (23 වැනිදා) රාත්‍රි සිදු වූ බහින්බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ ගැටුමක්‌ හටගෙන තිබේ. එහිදී රාජිත ඇමැතිවරයාගේ ආධාරකරුවකු අනෙක්‌ පාර්ශ්වයේ අයකුට බෝතලයකින් හිසට පහර දී ඇත.


ඉන් බරපතළ තුවාල සිදුවීමක්‌ හෝ දෙපිරිසේ කිසිවකු රෝහල්ගත වීමක්‌ සිදුවී නැත. මේ ගැටුමෙන් පසු රෝහිත ඇමැතිවරයාගේ පාර්ශ්වයේ පිරිස විසින් රාජිත ඇමැතිවරයාගේ ආධාරකරුවන් දෙදෙනා තමන්ගෙන් සමාව ගත යුතු යෑයි බලපෑම් කර කලුවාමෝදර මොරගල්ල හන්දියේ පිහිටි පිළිරුවක්‌ අසල දණගස්‌වා සිටියදී රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා ද එම ස්‌ථානයට පැමිණ සිටි බව ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේ ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යට  මෙසේ පැවසීය.

"සිද්ධිය වූ අවස්‌ථාවේම මට ආරංචි වුණා. මම මගේ දෙන්නට පොලිසියට යන්න කියලා කිව්වා. අපේ දෙන්න දණගස්‌වල සිටිය තැනට රෝහිත ඇමැතිතුමා ආවා කියලා කිව්වා. එතන පොලිසියත් හිටියා කියලා කිව්වා. මම ඒ සේරම පොලිසියට කියන්න කියල උපදෙස්‌ දුන්නා. කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාට ද කතා කර මේ සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් පොලිසිය සාධාරණ පරීක්‍ෂණයක්‌ කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වරාය සංවර්ධන ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීය.

"මම බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිට පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු දරා ඇමැතිවරයෙක්‌ව සිටිනවා. මට බේරුවල ඡන්ද පදනමක්‌ තියෙනවා. සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වයම මම දන්නවා. මම සිටින විට කිසිවෙක්‌ දණගස්‌වලා හිටියේ නැහැ. කන්දෙ විහාරයට යන්න එනකොට දෙපාර්ශ්වයම දැකලා කතා කරල පොලිසියට ගිහින් සමාදාන වෙන්න කියල මම එතනින් ගියා.

මම එතනින් ගියාට පසුවයි දෙන්නෙක්‌ දණගස්‌වලා කියල දැනගන්න ලැබුණේ. මම දැක්‌ක නම් එහෙම දෙයක්‌ කරන්න දෙන්නේ නැහැ. දැන් මට මඩ ගහන්න ඡන්ද පදනමක්‌ නැති ඇමැතිවරයෙක්‌ විවිධ ප්‍රචාර පතුරුවනවා. හෙට ඡන්දයක්‌ තිබ්බත් බේරුවල ප්‍රදේශයෙන් මට සීයට අසූවක්‌ ඡන්ද ලබාගන්න පුළුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස්‌ මත දෙපාර්ශ්වයේම හත්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර විමර්ශනවලින් පසු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්