මත්තෙගොඩ - සඳුන්පුර ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අද (24) උදෑසන
කාන්තාවක් ඝාතනය කර තිබුණා. පසුව වාර්තාවුණේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන
ඇයගේ සැමියා වස පානය කිරීමෙන් අනතුරුව හෝමාගම රෝහලේදී මියගොස් ඇති බවයි.
සිය දරුවා දහම් පාසලට ඇරළවා පටු මාර්ගයක් ඔස්සේ නැවත පැමිණෙමින් සිටියදී
තියුණු ආයුධවලින් පහරදී අදාළ කාන්තාව ඝාතනය කර තිබුණා. පවුල් ආරවුලක්
සිද්ධියට හේතුව බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
අඹුසැමි යුවළ දික්කසාද වීම සඳහා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබූ බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා. වයස අවුුරුදු 40 ක් පමණ වූ අනුලාවතී හේරත් නැමති කාන්තාවක් මත්තේගොඩ - ශ‍්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසලට සිය දියණිය ඇරලවා නැවත එමින් සිටියදී ඊයේ (24) උදෑසන අමානුෂික ලෙස ඝාතනයට ලක් කර තිබුණා. ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇගේ ස්වාමි පුරුෂයා වන ෂෙල්ටන් දයාපාල නැමැත්තා කාන්තාව පැමිණි මඟ ති‍්‍රරෝද රථයකින් හරස් කරමින් මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අනතුරුව සැකකරු සිය මහගෙදරට පැමිණ මත්පැන් සහ වස පානය කළ බවයි ඔහුගේ මව වන ආර්. බේබිනෝනා කියා සිටියේ.
කෙසේ වෙතත්, පසුව ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද එහිදී ජීවිතක්ෂයට පත්වුණා. කලක සිට පැවැති විවිධ ආරවුල් හේතුවෙන් මෙම අඹු - සැමි යුවළ වසර කිහිපයක සිට වෙන්ව වාසය කර ඇති බවයි ප‍්‍රදේශවාසීන් හිරු ප‍්‍රවෘත්ති අංශයට පැවසුවේ. මීට වසර දෙකකට පමණ පෙර වස පානය කළ ස්වාමි පුරුෂයා මෙම කාන්තාවගේ කකුලකට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් ඇය පාදයේ ආබාධයකට ද ලක්ව තිබෙනවා. එමෙන්ම ඉඩමක් සම්බන්ධයෙන් ද මෙම අඹු - සැමි යුවළ අතර විටින් විට ආරවුල් හට ගත් බවයි ප‍්‍රදේශවාසීන් හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
සිද්ධිය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අනුලාවතී හේරත්ගේ මව වන සිල් මාතාව ද දැඩි කම්පනයට පත්ව සිටිනවා. සිය භාරකාර දෙමාපියන් අහිමි වීමෙන් දස හැවිරිදි දියණිය මේ වන විට පසුවන්නේ කහතුඩුව පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය භාරයේයි.