ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මත්තෙගොඩ, සඳුන්පුර පෙරේදා (24 වැනිදා) උදේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මව හා පියා අහිමි වූ දස හැවිරිදි දියණිය අධිකරණ නියෝගය මත පරිවාස භාරයේ තබාගෙන ඇගේ ලොකු අම්මාට භාරදීමට කටයුතු යොදන බව කහතුඩුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී මරා සැමියා ද වස පානය කර මෙසේ දිවි නසාගෙන තිබුණේ කාලයක සිට පැවැති ඉඩම් ආරවුලක්‌ය. තමාටම කියා මෙම යුවළට දරුවන් නොමැතිවීම නිසා බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

දියණිය දහම් පාසලට ඇරලවා එමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ හේරත් මුදියන්සේලාගේ අනුලාවතී හේරත් (44) මහත්මියයි. බිරිය මරා වස බී දිවි නසාගෙන තිබුණේ ෂෙල්ටන් දයාපාල (53) නමැත්තෙකි.



කාලයක සිට පැවැති ආරවුල් නිසා මේ යුවළ දික්‌කසාද වීමට වෙන වෙනම ජීවත් වී ඇත.

ඝාතනයට ලක්‌ වූ බිරිඳට අයත් මත්තෙගොඩ පිහිටි ඉඩමක්‌ ඉල්ලා සැමියා නිතර කරදර කර ඇතැයි ද පොලිසියට හෙළි වී තිබේ.

මේ යුවළට දරුවන් නොමැතිවීම නිසා කුඩා වියේදීම දියණියක ලබාගෙන හදාවඩාගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී හෙළිවිය.

එම හදාගත් දියණිය පෙරේදා දහම් පාසල් ඇරලවා නැවත නිවෙස්‌ බලා පැමිණෙමින් සිටි බිරිය පසුපසින් ත්‍රිරෝද රථයකින් පැමිණි සැමියා ඇයගේ ශරීරයේ රිය හප්පා තිබේ. එහිදී එම කාන්තාව බිම වැටී ඇති අතර පසුව ඇය දිව යද්දී ඈ පසුපස පන්නාගෙන ගිය සැමියා තියුණු ආයුධයෙන් කොටා ඇත.

මෙම සිද්ධියෙන් අසරණ වූ දහම් පාසල් දැරිය දහම් පාසල් ඇඳුම පිටින්ම ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගනු ලැබිණි.

ඝාතනයට ලක්‌ වූ අනුලාවතී හේරත් මහත්මියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. බිරිය මරා වස පානය කළ ෂෙල්ටන් දයාපාලගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ හෝමාගම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව කහතුඩුව පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. ජී. උදයශාන්ත මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්