තවලම හල්විටිගල ප්‍රදේශයේ දී පෙරේදා (07) සවස යතුරුපැදියකින් පැමිණි
තරුණයන් දෙදෙනෙක් ඇඟලුම් කම්හල් සේවිකාවන් දෙදෙනකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල
කර ඇත. බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර
ඇත.තරුණියන් දෙදෙනා ඇඟලුම් කම්හලේ සේවය නිම කර හල්විටිගල ප්‍රදේශයේ තම
නිවසට පැමිණෙමින් සිටිය දී මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රේම
සම්බන්ධතාවක් බිඳවැටීමේ සිද්ධියක් මේ සඳහා හේතු වී තිබේ.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි තරුණයන් දෙදෙනා නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් හිනිදුම පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රියන්ත කුමාර මහතා පැවසීය.