ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සිය බිරිඳ ගමේ සණස රැස්‌වීමකට ගිය අතරදී නිවසේ හා ව්‍යාපාරික ස්‌ථානයේ තිබූ භාණ්‌ඩ සියල්ලම ලොරියක පටවාගෙන පලා ගිය සැමියකු පිළිබඳව නිකවැරටිය, රස්‌නායකපුර පොලිසියෙන් වාර්තා විය.

විවාහ වී වසර 5 ක්‌ පමණ වන මෙම යුවළට අවුරුදු 3, මාස 4 ක දියණියක සිටී. කඩිගාව මංසන්දියේ රෙදි මැසීමේ ව්‍යාපාරයක්‌ මොවුන් පවත්වාගෙන ගොස්‌ ඇත. ඉකුත් 10 වන ඉරිදා කඩිගාව සණස මධ්‍යස්‌ථානයේ පැවැති රැස්‌වීමකට බිරිඳ පෙරවරු 9.00ට පමණ ගොස්‌ ඇත්තේ සැමියාටද යන බව පවසමිනි. ඇය දහවල් 12.00 ට පමණ ආපසු එනවිට නිවසේ හා කඩ කාමරයේ කිසිවක්‌ තිබි නැත. සැමියාද අතුරුදන්ය.

නිවසේ සහ යාබද කඩ කාමරයේ තිබූ ජුකී මැෂින් 3 ක්‌, සිංගර් මහන මැෂිමක්‌, ශීතකරණ, අධිශීතකරණය, ඕවලොක්‌ මැෂිම, වතුර මෝටරය, ගෑස්‌ උදුන සහ ටැංකිය, මැසූ නිමි ඇඳුම්, රෙදි පීස්‌, පුටු, මේස, පිහි ඇතුළු නිවසේ තිබූ සියලුම බඩු ලොරියක පටවාගෙන ගොස්‌ ඇතැයි බිරිඳ අමාලි නාමලී ප්‍රියදර්ශනී කුමාරි නමැත්තිය රස්‌නායකපුර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. මේවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න බව ද ඇය කියයි.

සිද්ධිය පිළිබඳව රස්‌නායකපුර පොලිසිය විමසීමේදී කියා සිsටියේ සැකකරු සහ භාණ්‌ඩ මෙතෙක්‌ සොයා ගැනීමට නොහැකි වූ බවය. මොහු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ද සඳහන්ය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්