![]() |
| ගුවන් සෙබළ මධුසංඛ |
මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ (19 වැනිදා) අලුයම 4.00 ට පමණය.
මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ ගුවන් හමුදා සාමාන්‍ය සෙබළ 24 හැවිරිදි එල්ලෙනහේවගේ අනූෂ සහන් මධුසංඛ බව හඳුනාගෙන ඇත. මෙම සෙබළාට වෙඩි තබා ඝාතනය කර සිය දිවි හානිකරගෙන ඇත්තේ 24 හැවිරිදි සාමාන්‍ය සෙබළ ඡේ. ප්‍රසන්න බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයට හේතුව කුමක්‌දැයි ඊයේ දහවල් වනතුරුත් අනාවරණය වී නොතිබිණි.
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර එළිමහනේ රාජකාරි කරමින් සිටි ප්‍රසන්න නමැත්තා ඊයේ අලුයම 4.00 ට රාජකාරියෙන් ඉවත්වීමට නියමිතව සිටියේය. ඔහුගේ රාජකාරිය භාරගැනීමට මධුසංඛ සෙබළා පැමිණෙමින් සිටියදී එක්‌වරම ප්‍රසන්න ඔහුට වෙඩි තබා ඇත.
මධුසංඛගේ ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර ඔහු එම ස්‌ථානයේම මියගොස් තිබේ. මධුසංඛට වෙඩි තැබූ ප්‍රසන්න පසුව ඔහුගේ හිසට වෙඩි තබාගෙන මියගොස් ඇත.
ඝාතනයට ලක් වූ මධුසංඛ අවිවාහකයකු වන අතර ඔහු මතුගම සිරිකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
![]() |
| ගුවන් සෙබළ ප්‍රසන්න |
සිද්ධිය සැලවීමත් සමඟම ගුවන් හමුදා කඳවුර වෙත ගිය නුවරඑළිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. රණවීර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

