ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තායිවානයේ ෆාර්ලින් ඉන්ඩස්‌ටි්‍රයල් ළදරු නිෂ්පාදන මෙරට ලියාපදිංචි කිරීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ෆාර්ලින් නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ලියාපදිංචි වීමට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම නිසා ඉහත තීරණය ගෙන ඇතැයි විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකරණයේ සභාපති වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා  කීය.

ඒ අනුව මෙම නිෂ්පාදන තොග මේ වනවිට වරායේ ඇත්නම් ඒවා නිදහස්‌ නොකරන ලෙසට විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්‌ දී ඇත.

ළමා දත් බුරුසු, සූප්පු, ළමා චර්ම ආරක්‍ෂණ පැළඳුම් ඇතුළු ළමා නිෂ්පාදන විසි පහකට අධික සංඛ්‍යාවක්‌ තායිවානයේ ෆාර්ලින් ඉන්ඩස්‌ටි්‍රයල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි.

ලියාපදිංචිය අත්හිටු වූ පසුවද ඉහත නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළහොත් එහි වගකීම ඉහත තායිවාන් සමාගමේ මෙරට නියෝජිතයින් විසින් භාරගත යුතු බවද බෙනරගම මහතා අවධාරණය කර ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්