මියගිය
සිය පුතුගේ හිස අතගාමින් වයෝවෘද්ධ ජර්මන් ජාතික මවක් සිකුරාදා (01) මාතර
රෝහලේ මෘත ශරීරාගාරයේ හඬා වැළපුන ආකාරය එහි සිටි කීප දෙනාගේ දෑස් කඳුලින්
තෙත් කරවන්නට සමත් වූ දුක්බර දසුනක් විය. හෙල්කේ ස්ටේපන් (43) නැමැති
ජර්මන් ජාතිකයා සිය මව වන 75 හැවිරිදි ගුටිරුල් හේල්ක්‍රේ (75) සහ තවත්
මිතුරු යුවළක් සමග ශ්‍රි ලංකාවට නොබොදා පැමිණියේ විනෝද සංචාරයකටය.
හේල්ක්‍රේ කෞතුක භාණ්ඩ එකතු කරන්නෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි.මොවුන්
හතර දෙනා නවාතැන් ගත්තේ දික්වැලේ පිහිටි හෝටලයකයි.
සිකුරාදා
සවස හෙල්ක්‍රේ දික්වැල්ල නගරාසන්න මුහුදේ පිහිනන්නට ගියේය.ඒ ඔහුගේ අවසන්
ගමනයි.
හදිසියෙම ඔහු මුහුදේ දිය රැලි අතරේ නොපෙනී ගියේය. අවට සිටියෝ මුහුදට
පැන අතුරුදන් වූ පුද්ගලයාගේ සොයා සිරුර ගොඩට රැගෙන එන විට සිද්ධිය ආරංචි වී
දික්වැල්ල පොලිසියේ නිලධාරින්ද එහි පැමිණියහ. නමුත් ඒ වනවිටත් හෙල්ක්‍රේ
ස්ටේපන් සදහටම සමුගෙන අවසන්ය. මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ පවත්වා
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරමින් සිරුර මාතර රෝහල වෙත ගෙන
යන්නට අවසර දුන්නේය.
පවුලේ
එකම පුතු වන හෙල්ක්‍රේ ගේ මරණය වයොවෘද්ධ මවට දරාගත නොහැකි ශෝකයක් වූවට සැක
නැත. ඇය සිය පුතුගේ ප්‍රාණය නිරුද්ධ හිස අතගාමීන් මෘත ශරීරාගාරය තුළ
වැළපුන ආකාරය දුක්බර දසුනක් විය.
දික්වැල්ල
පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පො.ප.එච්.කේ.රුක්මන් මහතාගේ උපදෙස් මත එහි
සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප.කරුණාසේන, පො.සැ.144920 දර්ශන
නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
