ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් යැයි කියාගන්නා තිදෙනකු පෙරේදා (31දා) රාත්‍රියේ මහනුවර නගරයේදී විදේශීය කාන්තාවක පැහැර ගැනීමට දැරූ තැතක් ව්‍යර්ථ කිරීමට ගිය පොලිස් සැරයන්වරයකුට පහර දී ඔහු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියකින් පසු ඉහත කී පුද්ගලයන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා රාත්‍රි 9.30ට පමණ මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදීය. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා ප්‍රාඩෝ ජීප් රථයකින් පැමිණ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවක් පැහැර ගැනීමට උත්සාහ දරා ඇති අතර එම තැනැත්තිය සමඟ සිටි විදේශීය පුද්ගලයන් දෙපළ ඊට එරෙහි වීම නිසා මොවුන් එකී පුද්ගලයන්ට පහරදීමට දැරූ උත්සාහය වළකාලීමට එම ස්ථානයට ගිය පොලිස් සැරයන්වරයාට එකී පිරිස පහරදී ඇති බවත්, පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළුකරන ලද බවත් පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට පත්ව සිටින තම ආධාරකරුවන් බේරා ගැනීම සඳහා අදාළ දේශපාලනඥයා පොලිසියට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

බීමතින් සිටි බව කියන ඉහත කී තරුණයන් තිදෙනා පොලිස් නිලධාරියාට පහරදී ඔවුන් පැමිණි ප්‍රාඩෝ රථයෙන්  පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර නගරය ආසන්නයේම පදිංචි තරුණයන් තිදෙනෙකි. සිද්ධිය පිළිබඳ මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්