ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන නැරැඹීමට
වන්දනාවේ රැගෙන යන බව පවසමින් අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර හතර ඇළ
ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්
රවටා රුපියල් හැට ලක්ෂයකට වඩා වැඩි මුදලක් වංචා කර විහාරස්ථානය හැරදමා ගොස්
ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ඊයේ (18දා) දිනයේ වංචාවට හසු වූ බව කියන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ 40කට වැඩි පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියහ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් 30,000 බැගින් දඹදිව සංචාරයේ රැගෙන යෑම සඳහා හිමි නම මුදල් එක්කාසු කර ඉතිරි මුදල් ජපන් ආධාර මත බැලෙන බවත් පැමිණිලිකරුවන්ට පවසා තිබේ. මාස එකහමාරක පමණ ඉහත සිට හිමි නම මෙම වංචාව සිදු කර ඇති බව පොලිසිය පවසයි.
දැනට අතුරුදන්ව සිටින හිමිනම ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ පුද්ගලයකු පැවැසුවේ පුද්ගලයන් 152ක ගෙන් පමණ රුපියල් 30,000 බැගින් ලබාගෙන හිමිනම ඔවුන්ට කුවිතාන්සි නිකුත් කළ බවයි. අනුරාධපුර නගරයට පැමිණි ජපානයේ හිමි නමක් විසින් දඹදිව යෑම සඳහා ආධාර කරන බව පවසන ලිපි සැකසූ බවද ඔහු පැවැසීය. පසුගිය 07 වැනිදා හිමිනම දඹදිව ගොස් සංචාරයේ යෙදෙන්නන්ට අවශ්‍ය නවාතැන් පහසුකම්, බස් පහසුකම් පිළිබඳ සොයා බලා නැවත 12 වැනිදා ලංකාවට පැමිණෙන බව ඔහු පවසා ඇති නමුත් 18වැනිදා දින වන තුරුත් උන්වහන්සේ විහාරස්ථානයට නොපැමිණි නිසා දඹදිව සංචාරයේ යෙදීම සඳහා ලකලෑස්ති වී සිටි පිරිස් කලබලයට පත්ව අනුරාධපුර පොලිසියට පැමිණිලි කිරීම සඳහා ගිය බව ද ඔහු පැවැසීය.
දඹදිව වන්දනාවේ යෑම සඳහා එක්කාසු කළ මුදල් බොහොමයක් හිමි නම සතු රථවාහන කිහිපයක කල්බදු ගෙවීම සඳහා යොදා ගත් බවද උන්වහන්සේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ පුද්ගලයා පැවැසීය. දැනට අතුරුදන්ව සිටින හිමිනම ජේයාතිෂ සේවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හරහා පුද්ගලයන් සමඟ හිතවත්කම් ඇති කරගෙන මෙම වංචාව සිදුකර තිබෙන බවත් පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි. මේ වනවිට අනුරාධපුර හිදෝගම, පදවිය, කහටගස්දිගිලිය, ගාල්ල, මාතර, ගිරිඋල්ල යන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම වංචාවට හසු වී ඇති බවද පොලිසිය පවසයි. ඊයේ (18දා) දහවල් වනතුරුත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත වංචාවට හසුවූ විශාල පිරිසක් පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි අයුරු අපට දැකගත හැකිවිය.