ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඇතැමුන් ව්‍යාපාරවල තවත් අය විවාහකයි පිරිසක් අතුරුදන්
වීසා කාලය වසර 4-5ක් ඉකුත් වුණත් ගිහින් නෑ
වීසා නැති පිරිසගේ අනන්‍යතාවත් තහවුරුයි
සියලුදෙනා පිටුවහල් කරනවා- ආගමන විගමන පාලක

සංචාරක සහ නේවාසික වීසාවලින් පැමිණ එම වීසා කාලය ඉකුත් වී ගියත් ආපසු නොගොස් රැඳී සිටින දහසකට ආසන්න පිරිසක් සොයා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය මෙහෙයුමක් දියත් කර තිබේ. මෙසේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පිරිසගේ අනන්‍යතාව තහවුරු කරන ලේඛන එම නිරීක්ෂණ අංශය මඟින් ලබාගෙන තිබේ.  ඇතැම් පුද්ගලයන්ගේ වීසා කාලය ඉකුත් වී වසර 4 - 5 ගත වී ඇතත් මෙරටින් පිටව ගොස් නැත.
ඇතැමුන් විවිධ ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටිති. තවත් අය විවාහ වී ඇත. තවත් පුද්ගලයන්ට සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැක. එම නිසා මෙම පුද්ගලයන් පිළිබඳ වහාම සොයා බලා ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට උපදෙස් දී තිබේ.
ඒ අනුව එම නිලධාරීන් රටපුරා මෙහෙයුම් දියත් කර 'over stay' පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත් කර තිබේ. ඉන්දියාව, චීනය, බංගලාදේශය, මලයාසියාව, රුසියාව ඇතුළු බොහෝ රටවල් ගණනාවකින් පැමිණි විදේශිකයන් මේ පිරිසට ඇතුළත් වෙති.

වීසා අවසන් වූ පුද්ගලයන්ට නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටීමට සහාය දෙන පුද්ගලයන්ට එරෙහිවද නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම‍ට තීරණය කර තිබේ.
මෙවැනි පුද්ගලයන් පිළිබඳව යම් ආකාරයකින් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්