කෑගල්ල
පොලීසියේ රාත්‍රී සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු අතර පෙරේදා
(26) රාත්‍රියේ ආරවුලක් හටගෙන ඇත. එහිදී උපපොලිස් පරීක්ෂකවරයකු
කොස්තාපල්වරයකු අල්ලාගෙන සිටියදී සැරයන්වරයා පිස්තෝලයකින් පහරදීම නිසා
බරපතළ තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධ
පොලිස් සැරයන්වරයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.කෑගල්ල
නගරයේ රාත්‍රී මුර සංචාරය හා ආරක්ෂක සේවා මුර සඳහා ෙදෙනිකව පොලිස්
කණ්ඩායම් කිහිපයක් උසස් නිලධාරීන්ගේ අනුමැතිය මත යෙදවෛන අතර පෙරේදා
රාත්‍රියේදී සේවා මුරයක් සඳහා නිලධාරීන් පිරිසක් යොදවා ඇත. මෙසේ යොදවා සිටි
පොලිස් නිලධාරීන් අතර යම්කිසි සිද්ධියක් මුල්කරගෙන ආරවුලක් හටගෙන තිබේ.
එහිදී පහරදීමක් නිසා අදාළ කොස්තාපල්වරයාගේ ඉදිරිපස දත් කැඩී මුහුණේ හා
ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිතව රෝහල්ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධව කෑගල්ල පොලීසියෙන් විමසා සිටි අතර, එවැනි සිද්ධියක් ඇති බවත් වැඩිදුර විස්තර සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අමතන ලෙසත් ඉල්ලා සිටියේය.
සිද්ධිය සම්බන්ධව කෑගල්ල පොලීසියෙන් විමසා සිටි අතර, එවැනි සිද්ධියක් ඇති බවත් වැඩිදුර විස්තර සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අමතන ලෙසත් ඉල්ලා සිටියේය.
