රත්‍රන් ගෙනයාමේදී හෝ රත්‍රන්වලින් නිමැවූ ස්වර්ණාභරණ පැලැඳගෙන යාමේදී මෙරටින් පිටවන කාන්තා මගීන් තම ස්වර්ණාභරණ ආපසු ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ මගීන්ට රත්‍රන් පවුම් 15ක ප්‍රමාණයක්ද, පිරිමි මගියකුට හා බාල වයසේ මගියකුට පවුම් 5ක ප්‍රමාණයක්ද ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කරයි.
එනමුත් මේ ස්වර්ණාභරණ රළු සවභාවයෙන් හෝ නිම නොකළ ස්වභාවයේ හෝ නම් නීතියට පටහැණි වන අතර, ඒ අවස්ථාවලදී රේගු ආඥාපනත යටතේ අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමටත් දඩ ගැසීමටත් සිදුවනු ඇති බව ලෙස්ලි ගාමිණි මහතා තවදුරටත් පවසයි.
මීට දින කිහිපයකට ඉහතදී මෙරටින් ස්වර්ණාභරණ පැලැඳගෙන ගොස් ඉන්දීය අත්අඩංගුවට පත්55 දෙනකු සම්බන්ධයෙන් බලධරයන් කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නව නීතිය පැනවෙන බව ඔහු පැවසිය.
