ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රජයේ සේවකයන්ට රු. 1200ක ජීවන වියදම් දීමනාවක්

සරසවි ඇදුරන්ගේ අධ්‍යාපන දීමනාව 5%කින් ඉහළට ‍
පශු වෛද්‍යවරුන්ට 7000ක-කුඩා තේ වතු හිමියන්ට 5000ක දීමනාවක්
වකුගඩු රෝග පිළියමට මිලියන 900ක ජල පවිත්‍රාගාරයක්
ග්‍රාම සේවා මට්ටමින් හොඳම දිවි නැඟුම පවුල් 5කට 10000ක දීමනා
ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට තිබු බලපත්‍ර ක්‍රමය අහෝසියි
ශ්‍රී ලංකන්-රක්ෂණය-ටෙලිකොම්-හිල්ටන්-ගෑස් සෙවණගලින් රජයට ලාභ
කලාකරුවන්ට නිවාඩු නිකේතන 5ක්
කිරි කර්මාන්තය නැංවීමට පිටරටින් ගවයන් 20,000ක්
සෞඛ්‍ය-අධ්‍යාපනය-නැංවීමට යෝජනා රැසක්
මාළු ආනයනික බද්ද ඉහළට
ගොවි ජනතාවට රු.1250ක විශ්‍රාම වැටුපක්
රාජ්‍ය ණය 65%කින් අඩු කිරීමේ ඉලක්කයක්
කාන්තා ව්‍යාපාරිකයන්ට රු. 250,000ක පොලී රහිත ණය

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 1200 කින් ඉහළ නැංවීමට හා 2014 ජනවාරි සිට රු.1250කට නොඅඩු ගොවි විශ්‍රාම වැටුපක් ලබාදීමට පියවර ගන්නා බව 2014 අය-වැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
කිසිවිටෙකත් පෞද්ගලීකරණය අනුමත නොකරන වත්මන් රජය පෞද්ගලීකරණය කළ ව්‍යාපාර නැවත පවරා ගෙන ඒවා ලාබ ලබන ව්‍යාපාර බවට පත් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ සමාගම, ටෙලිකොම්, හිල්ටන් හෝටලය, ගෑස්, සෙවනගල සිනී කර්මාන්ත ශාලාව ඇතුළු ව්‍යාපාර රැසක් රජයට ලාභාංශ ගෙවන තත්ත්වයට පත්ව ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.
2014 අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) එසේ ප්‍රකාශ කළේය.රාජ්‍ය සේවය කප්පාදු කරමින් රජයේ දේපළ විකුණා දැම්මේ යුගයට තිත තබා ඇත.
2014 අය වැය හිඟය 5.2% දක්වා පහත දමා ඇති බව ද පැවසූ ජනාධිපතිතුමා 2015 දි අයවැය අය වැය හිඟය 4.5% දක්වාත් 2016 දි අයවැය හිඟය 3.8% දක්වාත් අඩු කිරීම රජයේ අරමුණ බව ද පැවසීය.
එසේම 2016 වන විට රජයේ ණය 65% දක්වා අඩු කිරීමට ද රජය අපේක්ෂා කරයි.
වයස අවුරුදු 63 ට වැඩි ගොවීන් සඳහා 2014 ජනවාරි සිට රු.1250කට නොඅඩු ගොවි විශ‍්‍රාම වැටුපක් අරඹන බව ද ජනාධිපතිතුමා පැවසීය. එසේම කාන්තා ව්‍යවසායකයින් සඳහා රු.250 000ක පොලී රහිත ණයක් ලබා දීමට ද ජනාධිපතිතුමා යෝජනා ඉදිරිපත් කළේය.
කලා කරුවන්ට විවේකය ගත කිරීම සඳහා නිවාඩු නිකේතන 05ක් ද ඉදි කෙරේ.
ගෘහ භාණ්ඩ ප‍්‍රවාහනයට පැවති බල පත්‍ර ක්‍රමය මෙම අයවැයෙන් අහෝසි කර ඇත.
නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා යෝජනා රැසක් ද මෙවර අයවැයට ඇතුළත් ය. එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නැංවීම සඳහා යෝජනා රැසක් ද මෙවර අයවැයට ඇතුළත් කර ඇත.
පශු වෛද්‍යවරුන් සඳහා රු. 7,500ක දීමනාවක් ලබාදීමට යෝජනා කර ඇත.
කුඩා තේවතු හිමියන්ට රු. 5,000ක දීමනාවක් ලබා දේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලියන 150 ක් , මිහින් ලංකා වෙත මිලියන 50 ක් වෙන්කර තිබේ.
අයවැය පරතරය 2016 දී 3.8 දක්වා අඩුකිරීමට පියවර ගැනේ.
රේගුව, සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය. මෝටර් රථ දෙපාර්තුමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය අන්තර්ජාල මඟින් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළලක් සකස් කෙරේ.
මාළු ආනයනයේ බද්ධ ඉහල දැමීමට යෝජනා කර තිබේ. කිරි කර්මාන්තය ඉහල දැමීමට කිරිගවයන් 20,000 ක් රටට ගෙන්විමට පියවර ගෙන තිබේ.
වයස අවරුදු 68 දක්වා ව්‍යවසායකත්ව කාන්තාවන්ට රුපියල් 250,000ක බදු රහිත ණය ලබාදීමට පියවර ගැනේ.
වකුගඩු ලෙඩරෝග විසඳීම සඳහා වතුර පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මිලියන 900 ක් වෙන් කෙරේ.
විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ අධ්‍යාපන දීමනාව මූලික වැටුපෙන් සියයට5කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. 2020 වන විට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරිමට ඉලක්ක කෙරේ. සෑම ග්‍රාම සේවා වසම් මට්ටමින් හොඳම දිවි නැගුම පවුල් 05කට රුපියල්10,000 දිමනාවක් ලබාදේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්