ගාල්ල හාලිවල ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා
(23දා) අලුයම ඇතුළුව දහතුන් හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතළ ලෙස
ලිංගික අපයෝජනයට ලක්කළ පාසල් ගුරුවරයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගස්
බඳිනු ලැබ පොලිසියට භාරදී ඇත. පෙරේදා (23දා) අලුයම 1.00ට පමණ මෙම ගුරුවරයා
දැරියගේ නිවෙසට රිංගා තිබේ.
නිවෙසේ සිට ඇත්තේ දැරියගේ මව හා සීයා පමණි. දැරිය නිවෙසේ වෙනම කාමරයක සිටින අතර ගුරුවරයා දැරියගේ කාමරයට ඇතුළු වී යළි පිටව යන අවස්ථාවේ මව අවදිවී සිටිනු දැක නිවෙසින් පැන යෑමට උත්සාහ කොට ඇත. එහිදී ‘හොරෙක්, හොරෙක්’ කියා මව කෑගසා තිබේ. මේ කෑගැසීමට ප්‍රදේශවාසීන්ද පැමිණ මෙම පාසල් ගුරුවරයා අල්ලා ගස් බැඳ පොලිසියට භාරදී තිබේ. හතළිස් අට හැවිරිදි වියේ පසුවන මෙම පාසල් ගුරුවරයා අක්මීමන පාසලක උගන්වන පරිගණක ගුරුවරයෙකි. දැරිය ගාල්ල ප්‍රදේශයේ පාසලක අට ශේ්‍රණියේ ඉගෙනුම ලබන දැරියකි.
ගුරුවරයා දැරිය සිටින කාමරයේ ජනේලයකින් ඇගේ ඇඟට වතුර ඉස ඇය අවදි කරවාගෙන කාමරයට ඇතුළු වී තිබේ. මේ අයුරින් තුන්වතාවක් පමණ දැරියගේ නිවෙසට පැමිණ ඇති මෙම පාසල් ගුරුවරයා දැරිය අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ගාල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.