ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ්‍රී ලංකාව මේ වන විට ආයෝජනයන් සඳහා ලොව වඩාත්ම හිතකර රාජ්‍යයක් බවට පත් වෙමින් ඇති බව ඕස්ට්‍රේලියාවේ  ක්‍රවුන් සමාගමේ අධිපති සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික  ජේම්ස් පැකර් පවසයි.
මේ අනුව විසි එක් වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම ව්‍යාපාරික ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාව එක්වෙනු ඇති බවත් ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ඊයේ (13) පැවති විශේෂ සැසිවාරයකට එක්වෙමින් පැකර් කීවේය.

වසර තිහක් පුරා පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට කැපී පෙනෙන වේගවත් ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බවත් යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ලංකා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව පැහැදිලිව දක්නට ඇති බවත් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මෙම සැසියට එක්වෙමින් පැකර් පැවසුවේය. 


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයද ඉතා යහපත් මට්ටමක පවතින අතර මේ වන විට ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට ලංකාව පත්ව ඇතැයිද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම මානව සම්පත්ද ආයෝජකයින්ට විශාල සහනයක් යැයිද විශේෂයෙන්ම නිර්මාණශීලී බුද්ධිමත් දැනුවත් ශ්‍රී ලංකාවේ මානව සම්පත විදෙස් ආයෝජකයින්ට තම ව්‍යාපාරයන්හි ප්‍රගතිය වෙනුවෙන්  යොදා ගත හැකි වනු ඇතැයිද පැකර් පැවසුවේය. ඉන්දියා, චීනය වැනි රටවල මධ්‍යම පංතිය මේ වන විට වේගවත් ලෙස වර්ධනය වන බවත් සුඛෝපභෝගී සංචරණය සඳහා ඔවුන්  යොමුව ඇති බවත් පැකර් මෙහිදී පෙන්වා දුන්නේය. එම සංචාරකයින් වෙනුවෙන් පහසුකම් සැපයීමට සංචාරක ගමනාන්තයන් බිහි විය යුතු බවත් තමන්ද ඒ  බව අවබෝධ කරගනිමින් ලංකාවේ මහා පරිමාණ සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන බවත්  වැඩිදුරටත් අදහස් දැක්වූ  පැකර් කීවේය. 

විසි එක් වැනි සියවස ව්‍යාපාරික ගමාන්තය ශ්‍රී ලංකාව යන මැයෙන් පැවති මෙම සැසිවාරයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්  , වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා , ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන්  ජයවීර සහ ආචාර්ය අතුල අමරසේකර යන මහත්වරු අදහස් දැක්වූහ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්