තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් කළ යුත්තේ ශ්‍රී ලාංකික දමිල
ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොව එදාවේල කෑමට පවා නොමැති
තම ප්‍රාන්තයේ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම බව ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල්
රාජපක්ෂ මහතා අවධාරනය කරයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ දුක්විඳින ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සොයා බැලිය යුතු බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලාංකික දෙමල ජනතාව හොඳින් තම ජීවිකාව ගතකරන බවද පෙන්වාදෙයි. මෙරට දෙමළ ජනතාව ඇතුළු සියලු ජන කොටස්වලට විදුලිය, ජලය, නිවාස යනාදී සියලු පහසුකම් ලබා දී තිබෙන බවත් එම පහසුකම් නැත්තේ තමිල්නාඩුවේ ජනතාවට මිස ලංකාවේ දෙමළ ජනතාවට නොවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ වලිකාමම් ප්‍රදේශයේ පැවැත්වුණු උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන මාධ්‍ය මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (13) සවස නිරත වූ අවස්ථාවේදීය.
දෙස් විදෙස් මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ සපයා තිබෙන පහසුකම් ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර ඇමැතිවරයා මාධ්‍යවේදීන් සමඟ කථා බහක ද නිරත වුණේය. විදෙස් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එම ජනතාවට රජය දී තිබෙන අයිතිය එමඟින් පැහැදිලි වන බවයි. රජය උතුරේ ජනතාවට ලබා දී තිබෙන එම අයිතිය තමිල්නාඩුවේ ජනතාවට නැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රිෆ්ලෙක්ෂන් ශ්‍රී ලංකා වෙළෙඳ ආයෝජන හා සංචාරක ප්‍රදර්ශනය අපේ රටේ ඉතා වැදගත් විශාල ප්‍රදර්ශනයක් වන බවත් එමඟින් වෙළෙඳ, ආයෝජන, ආර්ථික සඳහා ඇති අවස්ථා විදේශ රටවලට පෙන්නුම් කිරීමට හැකිවන බවත් ඇමැතිවරයා පැවසීය.