චැනල්-4 මාධ්‍ය කණ්ඩායම ගමන් ගත් කුලී වෑන් රථයක රියැදුරකුට ගෙවිය යුතු රු. 30,000ක මුදල ලබාදෙන බවට එම මාධ්‍යවේදීන් පොරොන්දු වූ බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.
චැනල්-4 මාධ්‍යවේදීන් කණ්ඩායම වව්නියාව බලා දුම්රියෙන් ගමන් ගනිද්දී දුම්රිය මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතා පැවැත්වීම හේතුවෙන් එම මාධ්‍ය කණ්ඩායම යළි කොළඹ බලා රැගෙන ඒමට පොලීසිය කටයුතු කළේ ය.
එහිදී යළි පැමිණි චැනල්-4 මාධ්‍ය කණ්ඩායම කොළඹ ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයට පැමිණි පසු නියමිත කුලී ගාස්තුව වන රු. 30,000ක මුදල රියැදුරුට නොගෙවූ බවට එම රියැදුරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ. පසුව මේ පිළිබඳ කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් කරන ලද පරීක්ෂණය අතරතුර එම මාධ්‍ය කණ්ඩායම මෙම මුදල් ගෙවීමට එකඟතාව පළකොට තිබේ.
