රක්වාන, දෙනියාය මාර්ගයේ නිවසක දී බාලවයස්කාර පෙම් යුවලක් අතර ඇතිවූ
ආරවුලක් මත පෙම්වතාගේ පිහිඇනුමෙන් තුවාල ලැබූ පෙම්වතිය තුවාල ලබා රෝහල්ගත
කර ඇති අතර තමාට පිහියෙන් ඇනගැනීම නිසා පෙම්වතා මියගොස් තිබේ.
කහවත්ත මූලික රෝහලට ඇතුළත් කෙරුණු මෙම තරුණයා සිය පෙම්වතියට පිහියෙන් ඇන පසුව තමාම පිහියෙන් ඇනගෙන ඇති බවට පොලීසිය සැකකරයිx මොවුන් 18 හා 17 වැනි වියෙහි පසුවන්නෝ වෙති.
දෙදෙනාම කලක සිට පෙම්වතුන් බව කියන අතර පෙම්වතා කෑගල්ල ප‍්‍රදේශයේ වාසය කර ඇති අතර පෙම්වතියගේ නිවස ඇති රක්වානට පැමිණ තිබේ.
දෙදෙනා අතර රණ්ඩු සරුවල් හා නොහොඳ නෝක්කාඩු නිතර ඇතිව තිබෙන බවත් පැවසේx 31 වැනිදා පස්වරුවේ ඇතිවු බහින්බස්වීම දුරදිග ගොස් මෙම අනතුර සිදුව ඇත. මෙය මිනීමැරුමක් ලෙස සලකා රක්වාන පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර 01 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.